You laugh and smile
A draught of wine
Lifting spirits
Your touch
A heavy brandy
Numbing the mind
Your body against mine
A sweet cocaine kiss
Heart racing
Your kiss
Crystal myth
I swear I could fly
I am addicted
Far beyond rehab
you are my drug
My way of life
Monday, August 31, 2009
Holding On
When you said you'd be there...
I believed you.
You never told me to leave,
or to forget your memories.
I remain with you,
unforgotten and loyal.
Your eyes fixed
to the plastered cement wall,
unseeing and unfocused.
I gaze gently into them,
finding serenity and peace.
But I find myself falling
for ever into an abyss
of your mind.
Why won't you tell me?
What is on your mind?
You won't look into my eyes;
you won't smile, grin, smirk.
The tranquility I find diminishes,
into a nothing so cold and stoned
that I cannot begin to imagine
the pain one would feel
with such dreadful feelings.
Do not let go;
I am here with you.
You may not want to tell me,
but I will be here for ever,
holding your hand,
whispering your name.
Stay, perpetually.
And I will never stop.
I believed you.
You never told me to leave,
or to forget your memories.
I remain with you,
unforgotten and loyal.
Your eyes fixed
to the plastered cement wall,
unseeing and unfocused.
I gaze gently into them,
finding serenity and peace.
But I find myself falling
for ever into an abyss
of your mind.
Why won't you tell me?
What is on your mind?
You won't look into my eyes;
you won't smile, grin, smirk.
The tranquility I find diminishes,
into a nothing so cold and stoned
that I cannot begin to imagine
the pain one would feel
with such dreadful feelings.
Do not let go;
I am here with you.
You may not want to tell me,
but I will be here for ever,
holding your hand,
whispering your name.
Stay, perpetually.
And I will never stop.
Tuesday, August 25, 2009
මහපොළවට වන් රැජින ගැන මගේ සටහන - ආකාස කුසුම්
මම චිත්‍රපටශාලාවකට ගිහිං ෆිල්ම් එකක් බලලා තියෙන්නේ අතේ ඇගිලි ගාණටත් අඩුවෙන්ද මංදා.. ඒ යන්න තියන අකමැත්තම නෙවෙයි.. ගිහිං බලන්න තියෙන චිත්‍රපට වලට තියන අකමැත්ත.. ගේ ළග සීඩී ශොප් එකෙන් හිංදි ටික ගතහැකි.. නෙට් එකෙන් ඉංග්‍රීසි ටික ගතහැකි.. ඉතිං හෝල් එකකට ගිහිං බලන්න ඉතුරු වෙන්නේ අළුතින් එන සිංහල ෆිල්ම් එකක් විතරයිනේ.. ඒවා බලලා ඇවිල්ලා නාස්ති වෙච්චි කාලේ ගැනයි සල්ලි ගැනයි හූල්ලනවට වඩා ඔළුවේ ඉදන් පෙරවෙගෙන ගෙදරට වෙලා නිදා ගන්න එක සැපයිනේ? ඒ නිසා තමයි මම ඒ ගැන අමතක කරලා තියෙන්නේ.. ආයේ බොරු කියන්න ඕනි නැහැනේ ඉතිං මුලින්ම ජූලියා ගේ කට්අවුට් එකක් මම දැක්කේ ෆිල්ම් එක පෙන්නන්න මාසෙකට විතර කලින්.. ඉතිං ඒක බලන්න හිතුනත් ඒකට අනුමැතිය ආවේ නෑ. ඉතිං ෆිල්ම් එක අමතක කරලා ඉන්නකොට දැක්ක විචාරක හා ප්‍රේකෂක ප්‍රතිචාර අනූව නොයා හිටිය එක ගැන බොහෝම සතුටු හිතුනා.
ඉතිං ඔයින් මෙයින් ඊට පස්සේ ආවේ "ආකාස කුසුම්" නේ. ඒකට නම් අනුමැතිය ලැබුනා. ඉතිං ඊයේ දවල් 2.30 වෙන්න ඔන්න මෙන්න තියලා රීගල් එකට ගිහිං වාඩි වෙන්න පුළුවන් උනා.. ඔව් ඔව්.. ඒක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියලා තමා තිබ්බේ.. ඒ වුනාට කාන්ට් හෙල්ප් දැන් 18+ වෙලා ටිකක් කල් වෙනවානේ..
මම අන්තිමටම බැලුව සිංහල චිත්‍රපට දෙක "අබා" හා "මචං".. ඒ දෙකම දෙවිදියකට මගේ හිතේ මතක සටහන් තිබ්බ නිර්මාණ දෙකක්. හැබැයි ආකාස කුසුම් ඊටත් වඩා ඈතට මාව අරන් ගියා.. කොහොමත් ප්‍රසන්න කියන්නේ චිත්‍රපට අතරේ අපේ සිනමාව ගැන හූල්ලවන නිර්මාණ කාරයෙක් නෙවෙයිනේ... ඊයෙත් ඒක එහෙම තමා... නම් පෙලෙන් පටන් අරන්.. අන්තිමට රීගල් එකේ තිරේ කළුපාටින් සුදුපාට වෙලා ලයිට් ඔන් වෙනකං අපිව චිත්‍රපටය හා සමාජය ඇතුලේ කරක් ගස්සවමින් එදිනෙදා අපි දකින මුණ ගැහෙන ඇසුරු කරන පිරිසක් දිහා තුන්වන පාර්ශවයක් විදියට අපිව අපූරුවට අරගෙන යනවා..මම දන්නේ නැහැ පිරිමින්ට ආකාස කුසුම් කොයි විදියට විදින්න පුළුවන්ද කියලා.. ඒත් ගැහැණියක් විදියට මම ආකාස කුසුම් උපරිමව වින්දා.. එහෙමත් නැත්තං විදෙව්වා..!!
අපි දන්නවා.. කොයි තරම් ඉහලින් මලක් පිපුණත් අන්තිමේ පරවෙලා වැටෙන්නේ බිමට.. ආකාස කුසුම් ඇතුලේ මුණගැහෙන හැම ගැහැණියක්ම විවිධ මට්ටම් වලින් ඒක නිරූපණය කරනවා..ජනප්‍රිය වෙන්න.. ප්‍රසිද්ධ වෙන්න කැමති හැමෝම පැය 2ක් වියදම් කරලා චිත්‍රපටය බැලුවට නරකක් වෙන්නේ නෑ.. ඒ අතරේ නිළියෝ ගායිකාවෝ නෙවෙයි.. හැම ගැහැණියකටමත් අන්තිමේ පොදුවෙන මහාපොදු ප්‍රවාහයක් ඇතුලට ඇවිත් කථාව කෙලවර වෙනවා.. ඒ තමයි මාතෘත්වය..!! ඊට කලින් කොයි කොයි ඉසව් වල කථාව පෙරලෙනවද කියලා මම කියන්නේ නැහැ.. කැමති අය ගිහිං බලන්න කියලා විතරක් කියන්නම්..
අන්තිමට මම මේ ටිකත් කියන්න හිතුනා.. හැමෝම කියන්නේ මේ චිත්‍රපටයේ මාලීනී ෆොන්සේකා මහත්මියගේ විශිෂ්ඨ රංගනයක් දකින්න පුළුවන් කියලයි.. ඒත් මම පුද්ගලිකව වැඩිම ලකුණු දෙන්නේ ප්‍රියාගේ චරිතය රගපාන නිම්මි හරස්ගම ට. මම දන්නේ නෑ ඇයි කියලා මුලු කථාව පුරාම මගේ වැඩිම අවධාණයක් ගත්තේ එයා. හැමෝගෙම ජිවිත කථා ඇතුලේ වැඩියෙන්ම අසාධාරණයට ලක්වෙන්නෙත් ප්‍රියා.. ඒ නිසා මම කැමතිම ප්‍රියාගේ චරිතයට..
තව ලියන්න ගොඩක් දේවල් ඔළුවට ආවත් ලිය ලිය ඉන්න වෙලා නෑ.. තර්කයක් නැති කථා බලන්න අකමැති අයයි.. කොට සායවල් ඇදන් ඉන්න ගෑණු අයව බලන්න ඕනි අයයි හැමෝටමත්.. හොද නිර්මාණයක් බලන්න කැමති අයත් ගිහිං බලන්න.. තාම අපේ සිනමාවට පණ තියනවා කියලා හිතෙයි. :-)
ආකාස කුසුම් ගැන ලිව්ව තවත් අය :- මරණය රජරටපුත්‍රයා

Friday, August 21, 2009
නිකං මේ හිතෙනවට..
මිනිසුන් මනින දඩු:-
ඇදුමින්..පැළදුමින්..
හිනාවෙන්..
උසින්..
මහතින්..
කෙට්ටුවෙන්..
කථාවෙන්..
බැලිල්ලෙන්..
ඇසිල්ලෙන්..
ගෙදර සයිස් එකෙන්..
වාහනෙන්..
මොබයිල් එකෙන්..
රස්සාවෙන්..
පරස්ථාවෙන්..
කෑමෙන්..
බීමෙන්..
ජාතියෙන්..
ආගමෙන්..
කුලෙන්..
etc..
ඔය කොයි මිමෙන් මැන්නත්.. මිනිහෙක් මිනිහෙක්ව මනින්නේ තමන්ට සාපේකෂව..
යටි හිත කියනවා.. මම මෙහෙමයිනේ.. ඒක හින්දා මූත් එහෙම වෙන්න ඇති
මම මේ වගේ උනාට මූනම් මට වඩා වෙනස් හින්දා මූ අර වගේ වෙන්න ඇති
හැමදේම සාපේකෂයි..
තමුන් කවුද කියලා 100%ක් නොදන්න අපි
අනුන් ගැන චරිත සහතික දෙනවා..
සහතිකේ ලියවෙන්නේ අපේ අකුරු වලින් නිසා
කෙනාගෙන් කෙනාට අත්අකුරු වෙනස් නිසා
අපි ලියන සහතිකේ අකුරුත් වෙනස් හැඩ ගන්නවා..
හරියට අන්ධයෝ 7 දෙනා අලියව විස්තර කලා වගේ තමා
ඇස් කන් සේරම ඇරිලත් තාම අඩුම ගානේ
තමුන්ට තමුන්ව වත් අදුන ගන්න බැරි එකේ
කොහොමද වෙන මිනිහෙක් මේ වගේ කියන්නේ..
ඒ වුනාට ඇහුවොත් නම් කියවයි මෙයා මෙහෙමයි
මෙයා මෙහෙමයි කියලා..
හැබැයි ඒ එළියට එන වචන වල එන්නේ
තම තමන්ගේ හිත් ඇතුලේ තියන කුණු ගද කියලා
කියන අයම දන්නේ නැතුව ඇති.
අවසානෙදි මිනිස්සු මනින්න මිණුම් දණ්ඩක් නෑ..
ඒත්
එක හැගීමක් තියනවා ඔය කොයි කවුරුත්
එකට බැදලා තියන්න පුළුවන්.
ඒ තමයි ආදරේ.
සමහර විට අනිත් අයගේ හිත් වල තියන දේ
තමන්‍ට නොතේරෙන්න පුළුවන්..
ඇත්තෙන්ම තමන් රැවටෙනවා වෙන්නත් පුළුවන්
හැමදේම අවිනිශ්චිතයි
ඒත් ආදරේ ආදරේ සදාකාලිකයි..
කාට හරි කියන්න පුළුවන්
සදාකාලික නොවු ලොකේ සදාකාලික ආදරයක් කොයින්ද කියලා..
ඔව් නෑ තමයි.. ඒත් තමන් තමන්ගේ හිතේ තියන ආදරය විශ්වාස කරන තුරු
ඔය කොයි දේත් අමතක කරලා
ළග ඉන්න කෙනාව ආදරෙන් වැළද ගන්න
පුළුවන් වේවි..
මම මට පුළුවන් උපරිමයෙන් එහෙම කරන්න උත්සහ කරනවා
අනේ අනිත් අයත් එහෙම කරන දවස ඉක්මනින් ආවොත්
අපි හැමෝටම ආයෙත් හිනා වෙන්න පුළුවන් වෙයි.
Monday, August 17, 2009
සති අන්තේ.

ගෙදර අය ඔෆීෂියල් වැඩ වලටත් එක්ක ට්‍රිප් යද්දි මම තනිකරම ජොලියට යන ගමන් වලට කියන්නේ විනොද චාරිකා කියලද? අධ්‍යාපන චාරිකා කියලද ? නැත්තං රාජකාරීමය ගමන් කියලද? හිකිස්.. මොකක් හරි කමක් නෑ අපි ඊයේ පෙරේදා සති අන්තේ ගියානේ බදුලු බණ්ඩාරවෙල පැත්තේ... ෂා... හරිම ජොලි ගමන යන අතරමගත් වැස්ස ඊයේ එන අතරමගත් වැස්ස.. වැස්ස..! වැස්ස කියන්නේ ඒක රාජකීය වැස්සක්!
හරී දැන් මෙහෙමයි.. පෙරේදා ඒ කියන්නේ හරියටම 15 සෙනසුරාදා තමයි දවස.. හැමදාම අපිට තියන මුරදානෙත් මෙදා පාර නැහැ. ඒක තමයි පටාස් ගාලා ගමනට සෙට් වුනේ. වැඩිය නෑ ලොකු 4යි පොඩි අය මාත් එක්ක 3යි සේරම හතයි. ඔන්න අපි 7 දෙනා සෙනසුරාදා උදේ 7ට තමයි ගමන පිටාත් උනේ..හොරණ පාදුක්ක පැත්තෙන් රත්නපුරේ හරහා තමා බණ්‍ඩාරවෙල ගියේ.. අනේ ඉතිං ඔන්න මගදි ටිකක් වැහැලා පැව්වා. දන්න කියන නෑදෑ ගෙදරකින් තමයි කෑම.. මගේ මතකේ කොයි තරම් හොදයිද කියනවා නම් මට මේ වෙලාවේ ඒ ටවුන් එකේ නම මතක නෑ. කොහොම හරි රත්නපුරේ කිට්ටුව කොහේ හරි. ඒ පැත්තේ කට්ටිය හරි ශෝයි අප්පා.. දුර මනින්නේ අපි වගේ මීටර් කිලෝමීටර් වලින් නෙවෙයි වංගු වලින්!!!! මොකද අර ගෙදරට යන්න හැරෙන පාර මතක නැතුව ඇහුවම පිරිමි කෙනෙක් කිව්වා ආ.. තව පොඩ්ඩක් ඉස්සරහා කියලා.. ඉතිං තාත්තාත් ඇහුවා කොච්චර විතරද දුරද කියලා..මෙන්න කියපි වැඩිය නෑ වංගු 3 යි කියලා... හික් හික්
කොහොම හරි ඉතිං වංගු පාස් කරලා එතනට ගිහිං කාලා බීලා සේරම ඉවර කරලා ආයේ පැය දෙකකින් විතර ගමන පටාන් ගත්තා... මතක ඇතුව කියන්න ඕනි අපි දවල්ට කෑව කඩේ.. ස්ස්ස්ස්...! දැනුත් කටට කෙළ උනනවා.. ඒක පුංචි කඩයක් බෙලිහුල්ඔය රෙස්ට් හවුස් එක පහු කරලා යනකොට පොඩි දොළක් වගේ තැනක තමා තියෙන්නේ.. ගමේ රසට කෑම ටික හදලා තිබ්බා.. කොස් මලවලා.. නිවිති.. පරිප්පු.. චිකන් කරී... පපඩම්.. තක්කලි සලාද.. බෝංචි.. අප්පා.. කෑවා ඇති වෙන්න.. ඩෙසට් එකට නම් යෝගට් විතරයි තිබ්බේ.. ඒක ඉල්ලුවම දෙන්නේ පැණි බෝතලේකුත් එක්ක. ඒක ක්‍රමෙත් නියමයි.. යෝගටුයි පැණියි හොදට මැච් වෙනවා.. එයින් පස්සේ අපි ඉතිං බෙරගල හපුතලේ එහෙම පහු කරලා බණ්ඩාරවෙල ට ආවා...ඇත්තමයි අපි ඉන්නේ පෝරණු වලනේ කියලා හිතෙන්නේ ඒ හරියට ගියාම.. හරියට නිකං චිත්‍ර ඇදලා වගේ බලන බලන අත කදු... මීදුම... තේවතු.. හෙල්මලු ක්‍රමේට කරපු කුඹුරු...මහා ලොකුවට නැතත් ඇගට දැනෙන් සනීප සීතල... (අපේ වෙලාවටම බෙරගල හරියෙදි වැස්සක් පටන් ගත්තා) ඔවා පහුකර ගෙන පහුකරගෙන අපි ආවා කොහෙටද බණ්ඩාරවෙළට. එහේ ඉන්න තාත්තාගේ යාළුවාගේ යාළුවා අපිට ඉන්න තැන් එහෙම ලෑස්ති කරලා තිබ්බා.. කොහොම හරි 5ට විතර ගියා රාවණා ඇල්ල බලන්න. දන්නවානේ ඉතිං ගෑණූ පරාන වල හැටි. සේරම ටයිම් ටේබල් එකටනේ වැඩ. මෙන්න ඇල්ල ලගට ගියාම කියනවා අපෝ නාන්න බෑ.. දැන් හවස් වෙලා වැඩියි සීතලයි බ්ලා බ්ලා බ්ලා... ඔය වචන වලට පුළුවන්ද මං වගේ ගෙම්බෙක් ව නවත්තන්න.. තී ඔහොම හිටු නාන හැටි මං පෙන්වමි කියලා.. බෑ කිව්ව ඇන්ටි වයි අපේ අම්මවයි ගොඩින් තියලා හවස හීතලේ පැය 1/2ක් විතර නාගත්තා.. නාලා ළග තිබ්බ කඩෙන් සැන්විච් එක්ක ප්ලේන් ටී එකක් බිව්වම ගමන් මහන්සිය කියන දේවල් ඇල්ලේ වතුරත් එක්කම ගහගෙන ගියා...ආයෙමත් ඉතිං ඉන්න තැනට ඇවිත්.. ඔලුවේ ඉදන් පෙරවගෙන නිදාගත්තා... රෑට කන්න කථා කරන කම්ම...
පහුවදා ඉතිං හරිම ඔෆීෂියල් වැඩ සටහනක් තමා තිබ්බේ.. බදුල්ලේ යන්න.. මට එහේ යන්න අතුරු තහනම් නියෝගයක් දාලා තිබ්බනේ. ඉතිං මට ඉන්න උනා.. අනිත් අය මාව දාලා බදුල්ලේ ගිහිං දෙමෝදර රේල් ගැටත් බලලා ඇවිත්.. එයාලා එනකං ඉතිං මං නිකං ඉදී.. බෑ නොකියා පැය 4ක් නිදා ගත්තා...! දවල් ඉතිං 1 ට විතර කට්ටිය හිස් අතින් නෙවෙයි වැස්සකුත් අරන් බදුල්ලේ ඉදං ආවා.. කාලා යමු යන ගමන් මගින් නාමු කියලා කාලා බීලා පිටත් උනා උනාමයි.. ගෙදරට එන කම්ම එක විදියට වහිනවා.. අර අවේලාවේ නාන්න බැරි ගෑණු මනුස්සයට හිත යටින් මෛත්‍රී කර කර ගෙදර එන්න උනා.. මොකද වැස්සේ නාන්න බෑ ගෑවේ එයානේ...ඉතිං අප්පා නින්දටම ගිය අපේ බණ්ඩාරවෙල ගමන වැස්සෙම ඉවර උනා.. දුක තමා.. ආයේ වෙන දවසක බලමුකෝ මැක්සා බැරි නම් මැස්සා ෆන් එකක් වත් ගන්න පුළුවන් වෙයිද කියලා... සතුටු හිතෙන දේකට කියලා උනේ අළුත් පොත් සෙට් එකක් හම්බ උනා.. + ඒ පැත්තේ මල් ගෝවා කිලෝ එකක් රු.160 මෙහේ ඉතිං ග්රෑම් 500 රු.120 යිනේ එපා වෙනකං කන්න මල්ගොවා ගෙඩි 2ක් ම අම්මා අරන් දුන්නා..එච්චරයි වැඩකට ඇති දෙයක් උනේ..ට්‍රිප් එක ඉවරයි. :(
Subscribe to:
Posts (Atom)