මුලින්ම කියන්න ඕනි මගේ කලින් ලිපියට (එපා වීම් ) ප්‍රතිචාර දක්වලා දිරිමත් කරපු හැම දෙනාටම අනේක වාරයක් ස්තූතියි.. ඇත්තටම ආයේ හිතන්න යොමු කලාට ස්තූතියි. ඊයේ ඇදේ ඉදන්ම බ්ලොග් කියවනකොට පිස්සාගේ මේ ලිපිය දැක්කා ඒ වගේ අය එක්ක බලද්දි අපි කොයි තරම් වාසනාවන්තද කියලා ආයේ ආයේ හිතෙනවා. ඉතිං පිස්සෝ ස්තූතියි ඒ අදහස අපිත් එක්ක බෙදාගත්තාට.. ඒ ඔස්සේ බිංකු මල්ලිත් හොද ලිපි කිහිපයක්ම පලකරලා තිබ්බා. ඒවටත් ස්තූතියි.. දැන් ඉතිං මලී බැක් ටු මූඩ්.. යේ.. යේ..!!
නිවාඩු දවසක ගෙදර ඉන්න එක කොයි තරම් සැපක් ද කියලා දන්නේ ඉතිං සතියේ හැමදාම ගෙදරින් පිට වෙලා යන අපි අපිමනේ.. සති අන්තේ ගෙදර හිටියට හැම සති අන්තයක්ම වෙනසක් නැතුව කෙරෙන්න ඕනි වැඩ ටිකක් ගොණු වෙලා තියන නිසා සැබැ නිවාඩුවක් ලබන්න නම් මං වගේ මොකක් හරි ලෙඩක් හදාගෙන ඔයාලත් ගෙදර ඉදලා බලන්න. හරිම නිදහසක් දැනෙනවා. හැබැයි ටී. වී වල නම් බලන්න මෙලෝ දෙයක් නෑ. තේරුමක් නැති සාකච්ඡා මිසක්. ඒක නිසා ෆිල්ම් ටිකක් පොතක් පතක් බලන එක තමා හොදම. ආහ් ෆිල්ම් කිව්වමයි මතක් වුනේ. ආරි කියලා කෙනෙක් මට කියලා තිබ්බනේ ෆිල්ම් බලන්න එපා කියලා.. සාමාන්‍යයෙන් මං එපා කියන වැඩ කරන්න හරි දකෂයි.. ඉතිං මං හොදට ෆිල්ම් බැලුවා මේ දවස් ටිකේම.සෙනසුරාදා ඉදන්
Being John Malkovich- මේක නම් ටිකක් බලන්න කම්මැලියි.. ඒත් ඉතිං කථාවක් විදියට නරකමත් නෑ.
Le.Fabuleux.Destin.de'Amelle.poulain- මං හිතන්නේ මේක ප්‍රංශ චිත්‍රපටයක් මං බැලුව එකේ ඉංග්‍රිසී උපසිරැසි තිබ්බ නිසා ටිකක් තේරුම් ගන්න පුළුවන් උනා. ඇත්තටම වෙනස් ආරක අපූරු කථාවක්. අපි වගේ ටිකක් මොංගල් ඒත් හොද ගැණු ළමයෙක්ගේ කථාවක්.
The Machinist-හප්පා මේක නම් මානසික ආතතියෙන් ඉන්න වෙලාවට බලන්න එපා. ඒක ඩබල් වෙනවා. එත් ඉතිං බලන්න.
The Illusionit-අපූරු ආදර කථාවක්. මටත් ඒ වගේ පෙන්ඩට් එකක් තිබ්බා නම් ෂොක් කියලා හිතුනා.ඒත් හොයලා බලද්දි ගාන වැඩි හින්දා අදහස අතහැරියා.. හැබැයි බලන්න වටින කථාවක්. අන්තිමේදි අපි වටේ තියන බොහෝ දේ මයාවක්!
Kunfu Panda- මේක නම් බැලුවේ දෙවෙනි පාරට හොද පාඩම් දෙක තුනක්ම ඔළුවට දා ගත්තා
"there is no secret for sucess.it is inside u!! just believe urslf"
"Yester day is a history..Tomorrow is a mistery
Today is a gift..thats y its call a Present"
The Green Mile-ඔහ්.. මේක මරණදණ්ඩනයට නියම වෙලා ඉන්න කිහිප දෙනෙක් හා බන්ධනාගාර නිළධාරීන් පිරිසකගේ කථාවක්. බලන්න."Yester day is a history..Tomorrow is a mistery
Today is a gift..thats y its call a Present"
Perfume-මේක ගැන නම් මම කියන්න තියා හිතන්න වත් කැමති නැහැ.. නමුත් එක්තරා ආකාරයක චිත්‍රපටයක්. ජිවන සුවද ගැන..
The Shawshank Redemtion- ෂා.. මේක නම් නියමයි.. හිර කදවුරක කථාවක් ම තමයි..එත් අපූරුයි.. අවසාන වෙද්දි හිතට නිදහසක් දැනුනා.. අපුරුයි..!
අද තාම මොකුත් බලන්න පටන් ගත්තේ නැහැ.සුගතපාල ද සිල්වා මහතා පරිවර්තනය කරපු ඇට මැස්සා කියන පොත කියවන්න තමයි හිතුවේ. ඒත් ඉතිං නිකං මේ පැත්තේ ආවම හිතුනා බ්ලොග් එකේ හෙඩර් එක වෙනස් කරන්න. ඉතිං පැයක් විතර ඒකට එක එක එව්වා කර කර හිටියා. ඒක කරද්දි හිතුනා බ්ලොග් ලිපියක් ලියන්න.. ලියන්න දෙයක් නැතත් ඉතිං අනේ මන්දා ඔහේ ලියවෙනවා.
දවල් හුළගත් එක්ක කාමරේට පුරුදු සුවදක් ආවා ලාවට වගේ ටිකක් කල්පනා කරද්දි සුවද තේරුණා.. ඉවපාර දිගේ නොන්ඩි ගගහා මිදුලට ගියාම දැක්කා.. මල් පිපිලා.. නම නම් හරියටම මතක නෑ මං හිතන්නේ පරෙවි තුඩු වෙන්න ඕනි. අද අනිවාර්යෙන්ම පලාතෙම පදුරු වල මල් පිපිලා ඇති. වැඩි දවස් ගාණක් මල් නැතුව ඉන්න මේ ගහේ හිටිය ගමන් මල් පිපෙනවා.. ඒකට හේතුව පරිසරයේ සුළු හෝ උෂ්ණත්වයේ වෙනසක් වීම කියලා මම කොහෙන් හරි දැනගත්තා මතකයි. ඒ වගේම පිපෙනකොට පලාතකම ගස් වල මල් පිපෙන්නේ එකට. මං ඒ සුවදට හරීම ආසයි.. ඉස්සර අපේ ගෙදර මෙයින් ලොකු මල් පදුරක් තිබ්බත්. කාලෙකදි නැති වෙලා ගියා..දැන් ආයෙමත් පොඩි පදුරක් තියනවා. මේ පාර පිපිලා තියෙන්නෙත් මල් හතරමයි.. ඒත් සුවදයි...කකුළ රිදි රිදි ඇවිදිනවා කියලා අම්මා බනින්න කලින් ටක් ගාලා ගත්ත පිංතූරයක් ඔයාලට දීලා මං ඇටමැස්සා පස්සෙ යන්න යනවා..


