අද 2012 ජනවාරි 26 වෙනිදා.. මීට අවුරුදු විසිපහකට ඒ කියන්නේ 1987 අවුරුද්දේ අද වගේ දවසක තමයි මම ඉපදිලා තියෙන්නේ.. මම ඉපදෙනකොට මගේ අම්මට අවුරුදු 25යි තාත්තට අවුරුදු 30 යි. මම ඉපදෙන්න අවුරුදු 4කට කලින් රස්සාවට ගියපු තාත්තා එයාට අවුරුදු 55ක් වෙච්ච ඊයේ දවසේ අවුරුදු 29ක් තිස්සේ කරපු රස්සාවෙන් විශ්‍රාම ගියා. සේරමට කලින් මගේ තාත්තාට සුභ උපන් දිනයක් හා දීර්ඝායුෂ.
මීට කලින් අවුරුදු වල උපන්දිනයක් කියන එක හරි ජොලි වගේම තව තව පොඩි වෙනවා වගේ හැඟීමක් උනත් තව දුරටත් ජිවිතේ ඇතුලේ ඒ විදියට හිතන්න බෑ වගේ... කොහොමටත් මගේ උපරිම ආයු අපේක්ෂාව අවුරුදු 50 යි. එතනින් එහාට ජිවත් වෙයිද නැත්තං ඊට කලින් මැරිලා යයිද කියන්න බැරි උනත් මගේ උපරිම උත්සහය අවුරුදු 50ක් අතුලත විඳින්න විඳවන්න තියන හැමදේම විඳලා විඳවලා අවසන් කරලා දාන්න. 50න් පස්සේ වෙන්නේ මොකද කියලා ඒ කාලෙට බලමුකෝ.. දැනට නම් ඒ ප්‍රමානේ හොඳටම ඇති වගේ. ඒ විදියට සලකලා බැලුවම අද වෙනකොට මම මගේ ජිවිතේ හරියටම අඩක් ගෙවා දාලා අවසානයි. මේ අවුරුදු 25 ඇතුලේ...
පළවෙනි අවුරුද්දේ ඉදන් අවුරුදු 3 විතර වෙනකං අම්මා අස්සට වෙලා හිටියා මිසක් වෙන මොකවත් නම් ඉතිං මං කලේ නැතුව ඇතිනේ... මොන්ටිසෝරි ගියේ අවුරුදු 3දි. ඒ සර්වෝදය මොන්ටිසෝරියට. ඊළග අවුරුද්දේ අල්ලපු ගමේ එකට ගියා. අවුරුදු 5දි ස්කෝලේ යන්න පටන් ගත්තා.. ඒ ගමන නැවතුනේ අවුරුදු 13ක් ම ඒකට කැප කරලා. ඒ අවුරුදු 13න් 11ක් අවංකවම ඉගනීමට විතරයි කැප කලේ.. අන්තිම අවුරුදු දෙක වෙන පාසලක වෙන යාළුවෝ සෙට් එකක් එක්ක වෙනම විඳියටයි ගෙවුනේ.. වැඩියෙන්ම ගැම්ම දාන්න ඕනි ඒ කාලේ කියලා තේරුනත් නොතේරුනා වගේ නටන්න පුළුවන් උපරිම පිස්සු.. වල බැහිලි... ක්ලාස් කට් කෙරිලි සේරම කලේ ඒ කාලේ... අවුලක් නෑ... ඒක අමුතුම ආතල් එකක්.!
අවුරුදු 19 දි සෙට් වෙච්ච මුල්ම ජොබ් එකට ගියා.. ඒක අවුරුදු තුනහා මාරක් කලා.. පස්සේ වෙන එකක්... මේ වෙනකම්ම ඒක.. ඒ කියන්නේ මේ වෙද්දි අවුරුදු 6ක් වැඩ කරලත් තියනවා. නොට් බෑඩ්! අවුරුදු 19දි මුල්ම වතාවට පිට මිනිහෙක්ට ආදරේ කලා.. ඒක බකස්.. එතනින් එහාට ඒ ගැන හිතන්නේ නෑ කියලා හිතාගෙන හිටියට ඒක වෙනස් උනා.. එදා ඉදන් අද වෙනකං අවුරුදු 3කට වැඩි කාලයක් තවත් එක් මනුස්සයෙක් එක්ක ජිවිතේ බෙදා ගනිමින් ගෙවෙනවා.. මන් හිතන්නේ ඉතිරි අවුරුදු ටිකත් එයත් එක්කම ගෙවිලා යයි.. මොකද ඊට වඩා එකඑක පැති වලින් හොඳ අය හිටියත් හැම අතින්ම ඒ වගේ හොඳ කෙනෙක් ආයේ හොයාගන්න නැති වෙයි. ඒ නිසා ඉතිරි අවුරුදු 25 ඒ මනුස්සයා එක්ක තනි පවුල් ජිවිතයක් ගොඩ නගනවා.. ඉන් බ්‍රීෆ් කියනවා නම් මේ අවුරුද්දේ කවදා හරි දවසක මම බඳිනවා. මේ අවුරුද්දේ වෙන්න තියන ලොකුම හැපනින් එක ඒක. ඊට පස්සේ පහුගිය අවුරුදු 25 ගෙවුවට වඩා වෙනස් විඳියට ගෙවන්නයි බලාපොරොත්තු වෙන්නේ. බලමු......!
මේ වෙද්දි මගේ ජිවිතේ මට අවශ්‍ය ගොඩක් දේවල් මට තියනවා.. උපන්දින තෑග්ගකට මොනාද ඕන ඇහුවම ඉල්ලන්න දෙයක් වත් නැති තරම් වෙලා... ඒ කියන්නෙ ඕනාවට වඩා ගොඩක් දේවල් මට තියනවා කියන එක නෙවෙයි.. ඒත් මට අවශ්‍ය ගොඩක් දේවල් මගේ අම්මටයි තාත්තටයි පිං සිද්ධ වෙන්න මට ලැබිලා තියනවා. ඒක නිසා මම බොහොම සැහැල්ලු ජිවිතේකට හුරු කෙනෙක්. හැබැයි අවශ්‍ය උනොත් හිමාල කන්ද තරම් බරක් උනත් කරට ගන්න මම ලෑස්තියි. මට පුළුවන්... මම ඒක දන්නවා..
ඉතිං අදින් ඇරඹෙන් මගේ ජිවිතේ ඉතිරි අවුරුදු 25 සතුටින් ගෙවන්න අදට මට සුභ උපන්දිනයක්!
උඹට සුභ උපන් දිනයක් වේවා නංගියේ . . .
ReplyDeleteසුභ උපන්දිනයක් මලියෝ..
ReplyDeleteසුභ උපන්දිනයක් මලී.මට වඩා වැඩිමල් කියලා හිතුවත් ලියන දේවල් බලලා මලියා මට වඩා හරියටම වැඩිමල් මාසයයි.මට 25 වෙනවා ලබන මාසේ අදවගේ දවසට :D.
ReplyDeleteහැබැයි අද විශේෂ දවසක් මොකද මගේ අම්මගෙයි අප්පච්ගෙයි දෙන්නගේම උපන්දිනේ යෙදිලා තියෙන්නේ අදට.දෙන්නම ඉපදිලා තියෙන්නේ එකම මාසේ එකම දවසෙ.. :)
සුභ උපන්දිනයක් මලි..
ReplyDeleteසුභම සුභ උපන්දිනක් වේවා...
ReplyDeleteඅපේ ආච්චිගෙ බර්ත් ඩේ එකත් අද? හවස ගෙදර කට්ටියත් එක්කම ගිහින් සුභ පතල ආවා. එයාගෙන් මටත් මල වදේ මේ අවුරුද්දෙ මොනව හරි කරගන්න පුතේ කියලා...
ReplyDelete'ඒක තමයි නේ... මම මේ බැලුවෙ පිස්සු කෝච්චියකට පනින්න' කියල මම කිව්වෙ නෑ මොනව වුණත් එයාගෙ උපන් දිනේ නිසා... :D
ආයි සුභ උපන්දිනයක් කියන්න බැහැ
ReplyDeleteමේ අවුරුද්ද පට්ට හැපනින් වෙයිද මන්දා :-D
A SUPER DUPER B'DAY!!!!!!!akkiyooooooo..:D
ReplyDeleteසුභ උපන්දිනක් නංගා. ඒ වගේම ඔයාගේ අනාගත විවාහ ජීවිතේටත් සුභ පැතුම්...
ReplyDeleteදෙවැනි 25 තමා හොඳම. මුල් 25 න් වැඩි හරියක් නොතේරුම් කමින්ම ගෙවුනා. දැන් තමයි වැඩිහිටි ජීවිතේ...
සුභ අනාවක් වේවා ! ජය !
අනේ මන්දා බං. ජීවිතේ ඔහේ ගෙවනවා. කොහොමත් ජීවිතේ කියන්නේ අපි ප්ලෑන් කරපු දෙයක් නෙමෙයිනේ. කොහොමත් මේ අවුරුද්දේ උඹ බඳිනවා කියන්නේ නම් හැපනිංම තමා. මරු මරු.
ReplyDeleteප.ලි.
සිරාවට බං ඒ කපල් එකගේ ලමයෙක් වෙනවා කියන්නේ නම් වාසනාවක්ම තමයි.
සුභ උපන් දිනයක් !!!!
ReplyDeleteහිපී හැපී බර්ත්ඩේ එකක් වේ වා මලී නගෝ
ReplyDeleteඅප්පේ මෙයාව දැකගන්න තියෙන අමාරුවක් දැන්!
ආ ඒවගේම Happy wedded life 0 in advance :D වෙඩින් කේක් කෑල්ලක් ඊමේල් කරලා වත් එවන්න ඉතින් :D :D
මම අහන්නේ අවුරුදු විසි පහක ළමෙක් ඉන්න තරම් මම කොයි තරම් වයස වෙන්න ඕනේද නේ. හික්ස්....
ReplyDeleteඅවුරුදු විසි පහේදි විතර මාත් හිතන්න ඇත්තේ මෙහෙමයි කියලා මටත් හිතුනා. මම නම් පොඩි කාලේ එක මාරකයකින් බේරුනාම හිතුවේ අවුරුදු හතලිහක් ජීවත් උනාම ඇති කියලා. දැන් අවුරුදු තිස් හයක් වෙන හින්දාත් ජීවිතේ පටන් ගන්න තැනම ඉන්න හින්දාත් මට තව ඉස්සරහට කරන්න දේවල් ජීවිතේ තියෙනවා කියලාත් හිතෙනවා. ඒත් ඕනෙම වෙලාවක එහා ලෝකෙට යන්න මා අකමැතිත් නෑ. ඒක ජීවිතේ අස්සේ ඉබේම වෙන දෙයක් හින්දා අමුතු ප්ලෑන් අවශ්‍ය නෑ මට හෝ කාටවත්.
අර උඹ වගේ යකෙක්ව ජීවිතේ හවුල් කාරි කරගන්න යන එකා ගැන උපරිම අනුකම්පාවක් විතරයි මට දැනෙන්නේ. ඌ වෙනුවෙන් දැන්ම ඉඳන් මම දෙවියන්ට කියන්න ඕනේ. ( මම අම්මා වෙලා උඹට මේ තරම් භයයි නම් ඌ කොහොම භය වෙන්න ඕනේද නේද? )
ආදරේ සහෝදරකම එක්ක දවසින් දවසම මට ජීවිතේ කියාදෙන ඔයා හිතන හැමදෙයක්ම ඒ විදියටම ඔයාට ලැබේවි. දන්න දා ඉඳන් ම මට ආදරනීය යාළුවෙක් වුනාට, මගේ පොඩි නංගි වුනාට වගේම මට බේබි සිටින් කරන්න මගේ පොඩි බබා වුනාටත් අපමන සතුටකින් මම ඉන්නේ. (ඇයි යකෝ උඹ මගේ ආච්චි වෙලා මට බැනලා මාව භය කරගන්න ඒවා.) ඒ හැමදේටම බොහොම ස්තුතියි මගේ මලියෝ....
මලියාට සුබ උපන්දිනයක් වේවාය
ReplyDeleteසුභ උපන්දිනයක්....!
ReplyDeleteසුභ උපන් දිනයක් ! :-)
ReplyDeleteඉදිරියටම යන්න!!!!!!!!!!!
ReplyDelete