Monday, May 23, 2011

While Living | ජිවත් වෙ‍නකොට....!


ගෙවා මහ දුර
අතර මඟ හමුවී
වෙන් වෙවී..
යළි යළිත්
ළං වෙවී..

ඈත තරු පොකුරු
චක්‍රාවාට මැද
රස්තියාදු වී
ආයෙමත්
දූවිලි පිරුණු
දාඩිය දාන
ලස්සන කොළඹ
අවලස්සන මිනිස්සු මැද
හමු වෙවී..

පොත් අස්සේ
චිත්‍රපටි ‍මැද්දේ
හෝල්වල
වේදිකා මැද
අපිට නැති
අපේ නොවන
අපිට දැනෙන
විඳීම් හොය හොය
සංගීත තනු අස්සෙන්
ආයෙමත්
හමු වෙවී..

අරක්කු කොක්ටේල්
බයිට් සිගරට්
කෑම බීම
සබ්මැරීන් ලයිම් ජූස්
රෙසිපි අස්සේ
සුවඳ ගහන
අළුත් රස හොය හොය
රස්තියාදු වෙන
ආයෙමත් ටිකකින්
අඩු සීනී ප්ලේන් ටී එකෙන්
තොල් දෙක පුච්චගෙන
ස්ට්‍රෙස් රිමූව් කිය කිය
ආතල් එකේ
දුමක් දාගෙන
හමු වෙවී..

අත් අල්ලන්
අහක බලාගෙන
රවාගෙන ඔරෝගෙන
බදාගෙන ඉඹගෙන
ජිවිතේ උගන්නන
ඉගෙනගන්න
කතාකරන
වාද කරන
රණ්ඩු වෙන
ඈත් නොවී ඈත් වෙලා
ආයෙමත් ළං වෙලා

ජිවත් වෙනකොට
හමු උනු
මචං උඹට "සුභ උපන් දිනයක්! "
23-05-2011

7 comments:

  1. Brillant........
    This Poem says all....
    Loving ya both with the way u ar living..... Wish u a happy birthday massina.....

    ReplyDelete
  2. අන්න කියමන.

    සුභ උපන් දිනයක් වේවා මචං!!!!

    ReplyDelete
  3. බලාගෙන යද්දි මලී, ඉල්, වන්නි තුන් දෙනාගෙම මචං කෙනෙක්නේ.... ඒ කියන්නෙ මගෙත් මචං කෙනෙක් වෙන්න එපැයි... හැපි බර්ත් ඩේ මචං!

    ReplyDelete
  4. ආව් ආව් ආව්!!!!
    MAXXXXXXXXXXXXXXXXXXXXXXXXXAAAA!!!

    මට කියන්න වෙන වචන නැති නිසා සමාව දීපිය! ;)

    ReplyDelete
  5. ආතල් බුවෙක්නේ.. හැපි බොර්ත් ඩේ ටූ යූ.....!!!!

    ආයූ බෝ වේවා...!!!

    සුභ අනාගතයක් ...!!! හෙහ් හෙහ්

    ReplyDelete
  6. උඹට සුබ උපන් දිනයක් මචං!

    ReplyDelete
  7. පමාවට සමාව.., මේක දැක්කේ අද..!!
    මේ ආදර යාලුකම තවත් බොහෝ කල් පවතීවා..! ජය!!
    උපන්දින ආසිරි මගෙනුත්..!!!

    ReplyDelete