Friday, October 1, 2010

චිත්‍රපටියි තව ටිකකුයි

මේ දවස් වල ඉතිං අපිත් ඉතිං ටිකක් බිසී මිනිස්සු තමා.. කියවන්න පොත් බලන්න චිත්‍රපටි වලින් අඩුවක් නෑ.. ඒ අස්සේ දවස ‍ගානේ යන්න රස්සාවත් තියන එක තමා අවුල.. ඔන්න සතියක් විතර ලෙඩ වෙලා එක තැනක ඉන්න තිබ්බා නම් මල් හතයි.. අනේ ඒ වුනාට මේ ටිකේ ලෙඩ වෙන්න නම් බෑ.. හැබැයි ඉතිං මේ දවස් වල සැරින් සැරේ වහින වැස්ස නම් නිදා ගන්න මරු... ඒ වුනාට ඉතිං හිතෙන හිතෙන වෙලාවට නිදාගන්න බැහැ‍නේ.. ඒ නිසා අවදි වෙලා ඉන්න වෙලාව ගැන කතා කරමු..

පහුගිය දොහේ ගත්ත පොත් වලින් මුලින්ම අතට ගත්තේ සන්නස්ගලගේ ආදරේ තරම්ම යසෝදරා පොත..ඒක අවුරුදු දෙකක් විතර ගන්න හිතන් හිටි පොතක්.. ඉස්සර සිරිකත පත්තරේ ගිය නිසා මුල් හරිය කියවලා හිතේ තිබ්බ ආසාවට මයි පොත ගත්තේ.. නරකමත් නෑ.. ඒත් හොදම හොදයි කියන්නත් බෑ.. ඒත් පොත කියවන්න කැමති කෙනෙකුට කියවලා බලන එක හොදයි..

ඔය පොත එක්කම බලපු.. බලලා හිතට හොදටම වැදුනු චිත්‍රපටි දෙකක් ගැන ලියන එක හොදයි කියලා හිතුනා.. මං හිතන්නේ හැමෝම බලන්න වටින හුඟක් සංවේදී චිත්‍රපටි දෙකක් තමයි ඒ.. දෙකම ටිකක් පරණයි.. සමහර විට මං ඇරුණම අනිත් හැමෝම බලලා තියනවාද දන්නේත් නෑ..

මුලින්ම මම බැලුවේ හිලරි ඇන්ඩ් ජැකී කියන චිත්‍රපටිය.. සංගීතය රසවිඳින්න කැමති අයට නම් මේක මරුම මරු ෆිල්ම් එකක් වෙයි.. හැබැයි සංගීතයට වඩා කතාව සංවේදීයි මට නම්.. පුංචි කාලේ ඉදන් සංගීතයට යොමු වුනු සහෝදරියෝ දෙදෙනෙකුගේ ජිවිත ගැන තමයි කතාවේ තියෙන්නේ.. පුංචි කාලේ දක්ෂ වාදන ශිල්පිණියක් වෙන අක්කා ගැන නංගිගේ ‍හිතෙත් පසුව නංගිගේ දක්ෂ කම් දැකලා තමන්ගේ සංගීත පුහුණුව මගහැර ගන්න පසුව තමන්ගේම නංගිගෙන් තමන්ට සිදුවෙන මදි පුංචිකම් ගැන නොසලකා නංගිට ආදරේ කරුණාව දක්වන ආදරණීය අක්කා කෙනෙක් ගැනයි කතාව තියෙන්නේ.. මං කිව්වට වඩා කතාව හරි ලස්සනයි.. ඊට වඩා ‍තව බොහෝ කාරණා වලින් අනූනයි.. ඒ නිසා බලලම ඉන්න ‍එක හොදයි මං හිතන්නේ මේක කියවනවාට වැඩිය..

හැබැයි මට කියන්න තියෙන්නේ මේ කතාවේ එන හිලරි කියන අක්කා තරම් පරාර්ථකාමී වෙන්න නම් මට බැරි වෙයි.. ඒ නිසා වෙන්න ඇති අන්තිමේ ජැකී දරුණු ස්නායු ආබාධයකට ලක් වුනාම මට එයා ගැන හොදම වැඩේ කියලා හිතුනේ..

කොහොම උනත් ආදරය..සංගීතය.. සහෝදරප්‍රේමය වගේ ජිවීතේ සියුම් තැන බොහෝමයක් ගැන කතාවෙන මේ චිත්‍රපටිය බලලා නැති අය අනිවාර්යෙන්ම බලන්න..



දෙවෙනියට මං කියන්න යන්නේ පෙරේදා මං බලපු ඒත් තාමත් ඒහි එන ප්‍රධාන චරිතයේ රංගන දක්ෂතා නිසාම හිත ‍බොහෝම සංවේදි උනු "අයි ඇම් සෑම්"
(I am Sam) ගැනයි..

උපන්දවසේම අම්මා දාලා යන දුවෙක්ව හදාගන්න මානසිකව්‍යාධියකින් පෙලෙන පියෙකු දියණියට‍ අවුරුදු හතක් වුනාට පස්සේ නීතිය විසින් ඔහුගෙන් දුවව වෙන් කිරීමට විරුද්ධව ගෙන යන සටන ගැන කියවෙන අයි ඈම් සෑම් චිත්‍රපටය හැම තාත්තා ‍කෙනෙකුමයි දුවෙකුමයි අනිවාර්යෙන්ම බැලිය යුතුයි කියලා මට හිතෙනවා.. මොන මානසික මට්ටමක ‍මොන ආර්ථික මට්ටමක හිටියත් දුවෙකුට තමන්ගේ තාත්තාත් තාත්තා කෙනෙකුට තමන්ගේ දුවත් කොයි තරම් වටිනවද කියලා අපූරුවට මේ චිත්‍රපටියේ පෙන්වනවා..

මනුශ්‍ය ජිවිතයකට ආදරේ තරම් අවශ්‍ය කරන තව දේවල් තියනවාද? මොන සැප තිබ්බත් මොකටද ආදරේ නැතුව? නේද? අවුරුදු 7ක තරම් මානසික මට්ටමක් තියෙන සෑම් කියන තාත්තා ගේ චරිතය තමයි මට මේ කතාව ‍මේ තරම් හිතට කාවදින කතාවක් බවට පත්කලේ.. ඒ හැර මුළු කතාව පුරාම දිවෙන මානුෂියත්වයට මං හරිම ආසයි..

6 comments:

  1. මම නං ලොකු සයිස් එකම එක පොතයිනෙ ගත්තේ.... ඒකෙ බාගෙකට ව‍ඩා දැං කියවල ඉවරයි... :D

    හිලරි ඇන්ඩ් ජැකී මම නං බැලුවෙ සංගීතය හින්දමයි... සුන්දර චෙලෝ වාදන මැද්දෙ දුක දැණෙන කතාවක්....

    අයැම් සෑම් කියන්නෙ නම් මෑතකදි මම බලපු හොඳම චිත්‍රපටියක්. ඒකෙ සීන් පෙන් ගෙ රඟපෑම නම් අති විශිෂ්ඨයි. ඒ වගේම එයා ආස කරන්නෙ බීටල්ස්ලට වීම නිසාත් මම චිත්‍රපටිය පුරාම බීටල්ස් සංගීතය රස වින්දා හොඳට... සෑම්ගෙ වැඩ වගේම එයාගෙ යාළුවො සෙට් එකේ වැඩත් මාව චිත්‍රපටිය‍ට ගැටගහල තියාගත්ත.

    ReplyDelete
  2. මේ පෝස්ට් එක දැකලා මම I am sam බැලුවා.
    ස්තූතියි..!! මලී

    ReplyDelete
  3. excellent film eakak ........

    ReplyDelete
  4. "Iam Sam" නම් මාත් බලල තියෙනව.
    "ආදරේ තරම්ම යසෝදරා" බාගෙට බලල තියෙනව.මට හිතෙනව ඒ පොතට දුන්න සල්ලි අපරාදේ කියල... ඒ මට හිතුන හැටි...සමහර විට තවත් කෙනෙක්ට හොද වෙන්න පුලුවන්... බලලම තීරණය කරමු නේද....

    මලී නිසා අනිත් පිල්ම් එකත් බලලම තීරණය කරන්න ඕනි...

    ෴ජය෴

    ReplyDelete
  5. මම මේ ෆිල්ම් දෙකම බලලා නෑ නෙව. බා ගෙන බලන්න ඕනේ වෙලාවක. මේ ටිකේ පොත් නිසා ෆිල්ම් බැලිල්ල පොඩ්ඩක් පස්සට දාලා තියෙන්නෙ.
    :D

    ReplyDelete
  6. මමත් බලපු සංවේදීම සිනමා සිත්තමක්...
    මෙන්න බාගන්න ඕනා කට්ටියට තැන....
    http://www.baiscopelk.com/?p=2458

    ReplyDelete