Saturday, August 7, 2010

ගුඩ් නයිටක් වේවා..!

හ්වායි... දෝ මතයි.... ඊටත් වඩා පට්ට කම්මැලියි..

බ්ලොග් එකේ මකුළුදැලුත් බැදිලද කොහේද..

ලොග් වෙන්න පාස්වර්ඩුත් දැන් මතක් වෙන්නේ මාරු වෙලා..

ඒ තරම් කම්මැලි වෙලා.. හපෝ.... කැඳත් නෑ..

මෙහෙම ජිවිත මක්කොරන්නද... අපරාදේ තරුණ ජවය..

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වට.. පුරුදු මග ඇරුනම ආයේ පුරුදු වෙන්න පට්ට අමාරුයි කියලා තේරෙන්නේ මේ වගේ වෙලාවට තමයි..

සරළව කියනවා නම් මට ලියන්න කම්මැලියි බොලව්....!!

මලී ලියන්නේ නැද්ද.. ලියපන් බං.. ඇබ්නෝමල් මයින්ඩ්ස් අප්ඩේට් කරන්නේම නෑ නේද අහන හැමෝටමයි මේ කියන්නේ..

මට ලියන්න අදහස් නෑ බොලව්.. අකුරු තිබ්බ පිලියට වචන තිබ්බ පලියට ඒ දේවල් ඔහේ ලියලා මහ ලොකු දේවල් මවන්න මං උඹලා තරම් පොරක් නෙවෙයි... හීනෙන් වත් එහෙම වෙන්න නොහිතන මට මේ කම්මැලි කමට කරදර කරලා ආයේ ලියන්න හිතෙන්නෙත් නෑ..

ඒ නිසා මා කෙරේ අනුකම්පාවෙන් ඔය වාඩි වෙලා ඉන්න ශෛලාසන ආ සොරි සොරි ‍ප්ලාස්ටික් ‍ආසන උණු වෙනවා නම් මට ලියන්න අදහස් දීපියව්...!!!!

නැත්තං මාත් අද හෙට කාගේ හරි මොනා හරි කොපි කරලා අනුන්ගේ හිත් වල ඇති වුනු මගේ හිතුවිලි කියලා මොනා හරි ටිකක් කෙහෙන් හරි දානවා..

එක්කෝ මාත් දවස් 20ක් විතර නොකා ඉන්නද? එතකොට කට්ටිය සෙට් වෙලා මාව බලන්න වරෙල්ලා.. පස්සේ අපි දාමු ලොකු පාටියක්.. මොකෝ කියන්නේ?

එහෙමත් නැත්තං මොකෝ මං කරන්නේ.. ම්ම්ම්ම්.... ???

සිරාවටම කිසිම අයිඩියාවක් හිතට එන්නේ නැති මහම මහ නස්කූණී කාලයක් මේක.. මීට වඩා හොඳයි ආයෙමත් රෙද්දක් පෙර‍වගෙන පැය 5ක් 6ක් නිදා ගන්න එක...

ගුඩ්නයිට් ‍ඕල්!!!!

12 comments:

  1. කුම්භකර්ණගේ තියරියවත් apply කොරන්න යනවද මන්දා?...

    ReplyDelete
  2. කම්මැලිකම අතහරින්න මොනවාහරි පටන්ගන්න.....

    ReplyDelete
  3. මොකක් කලත් කමක් නැහැ ඒත් උපවාස නං එපා..! මේ දවස් වල ඔය මල උලව් උපවාස අහලාම එපාවෙලා..! :)))) ඒත් ලෙමන්ප්ෆ් කාලා විස්කි බීලා සිගරට් ගහලා උපවාස කොරනවානම් ටිකක් සලකා බැලුවැහැකි..! :)))))))))))))))))))

    ReplyDelete
  4. මිනිස්සු සෑහෙන්න දේවල් ලියනවා... ඔයාට ලියන්න දේවල් නෑ කියන එක මට හිතාගන්න බෑ. කොයි තරම් වැඩ තිබුණත් පොත්පත් කියවන චිත්‍රපටි බලන පුද්ගලයෙක්ට මෙහෙම කතාකරන්න බෑ. මොනව වුණත් මේ මකුළු දැල් කඩල දාන එකනම් හොඳයි...

    ReplyDelete
  5. උපවාස නැතුව ඕනි එකක් ... මම හිතුවා උඹඹ දැන් ලියන්න පටන් අරන් ලියලා ලියලා අපිටත් එපා කරවයි කියලා කෝ ඉතිං... අන්තිම සවුත්තුයි..

    ReplyDelete
  6. මෙන්න මේ විදිහට උපවාස කරන්න.
    http://status-chanaka.blogspot.com/2010/07/blog-post.html
    කට්ටිය සබන්, පවුඩර් එහෙම අරගෙන එයි බලන්න.

    ඕනෙම දෙයක් දවස් 23ක් එක දිගට කළාම පුරුද්දක් වෙනවලු

    ReplyDelete
  7. හේමාලයෝ - කොහොමත් ඉතිං අපේ ජොබ් එකේ හැටියට අපි ඒ වගේ තියරියකට තමා වැඩ කොරන්නේ.. හික් හික්..

    ඉන්දි - කිව්වට කරන්න දෙයක් නෑ මෙයා

    ලිෂ් - ඒ උනාට තව එකක් ඇහුවොත් උඹලට නරක් වෙයි.. එක්කෝ මචෝ අපි සෙට් එකම එකතුවෙලා එකක් කරමුද.. ‍බ්ලොග් කරුවන්ගේ සාමුහික උපවාසය..!කාට නැතත් උඹටයි මටයි බිංදුවටයි නම් සෙතක් වෙයි..! ;)

    එච් - කවුරු නැතත් මං ගැන හොදට දන්න ඔයා ඔය විදියට කතා කරන එක අන්තිම අසාධාරණයි.. මේකත් එක්තරා නිර්මාණාත්මක රචනයක්.. එක තත්පරේක හිතට එන සම්පූර්ණ සිතුවිලි.. කියවලා බැළුවොත් පෙනෙයි කී දෙනෙක් ගේ වචන ඕක ඇතුලේ තියනවාද කියලා.. අන්එඩිටට් තෝට්ස් වගේ ටොපික් එකක් දැම්මා නම් ඔයා කියයි මරු කියලා.. :පී

    ආගා- කුජීතම නෑ නේද මචං?

    මකරෝ -හපොයි බෑ.. ඒක නම් මට හරියන කරමයක් නෙවයි..!

    ReplyDelete
  8. මෙතන මඩ ව්‍යාපාරයක්...
    මගේ සම්පූර්ණ විරෝධතාවය ප්‍රකාශ කොරනවා මේ පෝස්ට් එකට..
    :P

    හැබෑටම අර කිව්වත් වගේ නිර්මාණාත්මක රචනයක් තමයි. දිගටම ලියමු.
    ඔය අහුමුළු වල තියෙන සේරම කුණු කන්දල් මෙහෙම නිර්මාණාත්මක රචන කරමු.
    :D

    ReplyDelete
  9. නිදිමතේ හරි ඇවත් ගිය එක වටිනවා...
    හ්ම්... අදහසක්ද...
    නිදිමත, කම්මැලි කම, ලියන්න බැරිකම වගේ එවා ගැන ලියපං බං...
    ඔන්න ඔන්න ඔතන... ගත්තා සෙරෙප්පුව... චටාස්... හප්පේ තඩි මකුළුවෙක්...
    මේ නඟා... ඉතුරු මකුළුදැල් ටිකත් කඩා දාලා, පිහිදලා කරලා ගනිං බං මේක...

    ReplyDelete
  10. උපවාස සඳහා විරෝධය.
    මම අනිත් මඩ පෝස්ට් එක ලඟදිම දැම්මම උඹට ලියන්න ඕනතරං අදහස් එයි අක්කේ!

    ReplyDelete
  11. ඔව් ඉතිං එහෙම බැලුවම ලියන්න දෙයක් නෑ කියල හරි ලියල තියෙනවනේ...

    හරියට අර "දැන්වීම් ඇලවී මතහනම්" කියල දැන්වීමක් ගහනව වගේ...

    ReplyDelete
  12. කම්මැලි කියලා කියන්න එපා. දවසට පැය 5ක 6ක power nap දෙකක් වත් ගන්න කියලා දොස්තර නියම කලා කියන්න :P

    ReplyDelete