Sunday, August 8, 2010

හුටාස් 2යි...!!!

අපේ ජිවිත ඇතුලේ අහඹු සිදුවීම් නම් කොයි තරම් නම් සිද්ද වෙනවද... ඒ වගේ සිදුවීම් වල ලස්සන තේරෙන්නේ ඇත්තටම ඒවා සිද්ද වෙලා ටික වෙලාවකට පස්සේ අපිට හප්පා ‍නොදැන කලාට මේක නේද වෙලා තියෙන්නේ කියලා සිද්ධ වෙච්ච දේ කික් එක දැනුනමයි.. මං දන්නේ නෑ අනිත් අය කොහොමද කියලා මට නම් ඒ වගේ අවස්ථා කියන්නේ මගේ ජිවිතේ සුන්දරතම අවස්ථා...

හිතන්න කා ගැන හරි හිත හිත ඉදිද්දි එයාගෙන් ටෙක්ස් මැසේජ් එකක් ලැබෙනවා කියලා.. එහෙම නැත්තං කෙනෙක් වෙනුවෙන් මැසේජ් එකක් ටයිප් කරන අතරවාරේ එයාගෙන් එකක් අපිට ලැබෙනවා කියලා ඒ වගේ වෙලාවට කොයි තරම් ආතල් ද ? නැද්ද?

එහෙම නැත්තං යාළුවෝ සෙට් එකක් ‍එකතු වෙලා තමන්ට ගොඩක් ඈතින් ඉන්න යාළුවෙක් ගැන කථා කර කර ඉන්න වෙලාවටම ඒ යාළු‍වා කෝල් කලොත්?

එහෙම වගේ පොඩි පොඩි දේවල් හැමකෙනෙක්ගේම ජිවිත වල සිද්ද වෙලා ඇති.. ඒ වගේ වෙලාවල් වලට තමයි ජිවත් වන වත්මනින් පොඩියක් උඩ පැනලා ‍පොඩි නැටුමක් නටන්න හිතෙන්නේ නේද?

ඒ වගේ වැඩක් තමයි මේ සිද්ද වෙලා තියෙන්නේ.. මගේ පීටර් ගේ පොඩි අවුල් ටිකක් නිසා මට මාස ගානක් ජාලේ නැති උනානේ... ඉදලා හිටලා හරි ලොග් වෙන්න පුළුවන් උනේ අපේ අබා ගේ සුන්දරීගෙන්.. මං හිතන්නේ පහුගිය පොස්ට් 2ක් විතර ලිව්වේ සුන්දරීට පිං සිද්ධ වෙන්න.. ඕං දෙන්නටම පින දෙකට බෙදෙනවා.

ඉතිං පහුගිය අගෝ 4 වෙනිදා පීටර් කෙනෙක් ආයේ ගෙදර ආවට ආයේ බ්ලොග් එක ලියන්න තරම් ඇම්මක් ආවේ නෑ.. ඒ වගේම ඊයේ මොහොතක ලිව්වා‍ වගේ ලියන්න තරම් අදහස් හිතට ආවේත් නෑ..

කට්ටිය නම් ඉතිං අනං මනං කියලා බැන්නට.. ඒ ලිව්ව පෝස්ට් එක මට අම්බානක් වටිනවා...

මේ දැන් ටිකකට කලින් බ්ලොග් එකේ පිටු අතරේ නිකමට ආපස්සට යද්දියි දැක්කේ ඇබ්නෝමල් මයින්ඩ්ස් පටන් අරන් තියෙන්නේ අගෝස්තු මාසේ කියලා.. අද දිනේ බලද්දි අද 8. මුලටම ගිහින් බලද්දි හා හා පුරා කියලා ලියලා තියෙන්නේ අ‍ගෝස්තු මාසේ 7 වෙනිදාවක... ඒ කියන්නේ ඊයේට හරියටම අවුරුදු 2කට කලින්. ඉතිං නිකමට හිතලා බලන්නේ.. හොදටම මොංගල් වෙලාවක ලිව්වත් මම අවුරුදු 2 ක සමරන්න නොදැන හරි දාපු ලිපිය කොයි තරම් නම් වැදගත් ද? (හරි ඉතිං අනිත් අයට නැති උනාට මට වැදගත් හරියට නිකං සාපේකෂව බල්ලෙක් උනත් මට අනූව මම පොරකි වගේ කතාවක් තමයි මේකටත් අදාල වෙන්නේ)

කාට හරි මේක මහ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්.. ඒත් කිසිම දෙයක් එක දිගට කාලයක් කරගෙන නොයන මං වගේ කෙනෙකුට බ්ලොග් එක අවුරුදු 2ක් ලිව්වා කියන්නේම ලොකු දෙයක්..

බලමු ඉස්සරහට ‍කොහොම වෙයිද කියලා.. පටන් ගැන්මේ ඉදන් ‍අද මේ මොහොතේ ඉදං පස්සෙන් ඉදං ලියපං ලියපං කියලා තල්ලුව ‍දුන්නු හැම දෙනාටම රොම්බ තෑන්ක්ස්..!!!!



25 comments:

  1. සුභ පැතුම් මචන්..
    දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා පතනවා..
    :)

    ReplyDelete
  2. හානේ... සුභ උපන්දිනයක් වේවා ඇබ්නෝමල් මයින්ඩ්ස්ට...
    මලියෝ
    කේක් කෑල්ලක් කප.........ලා...
    සින්දුවක් දෙකක් කිය........ලා...
    පාටියක් දාමුද බ්ලොග් එක උඩම...
    දිගටම ලියන්න හැකිවේවා කියලා පතනවා ඕන්...
    ජය...

    ReplyDelete
  3. ඔයාට මගෙනුත් සුභම සුභ පැත්ම්, දීර්ඝ ගමනකට ආසිරි!

    ReplyDelete
  4. උපන්දිනයට සුබ පැතුම්....තව තවත් ලියන්නට අවැසි සවිය හා දිරිය ලැබේවා යැයි පතමි....

    ReplyDelete
  5. සුබ පැතුම් .......... දිගටම ලියන්න

    ReplyDelete
  6. සුභ පැතුම්
    දිගටම ලියන්න ශක්තිය දහිරිය ලැබේවා කියලා පතනවා..

    ReplyDelete
  7. පොච්චියේ.. උඹ ආවද මයෙ අම්මා.. (ගණං ගන්න එපා ආදරේ වැඩි කමට) දැන් ඉතින් අවුරුදු දෙකකුත් උන එකේ , අලුත් පීටරයත් ඉන්න එකේ ඉස්සර වගේම ලස්සන කතා ටිකක් ලියමු නේ.. හැබෑටම බං මට බ්ලොග් කිව්වොත් මලීගේ ඇබ්නෝමල් මයින්ඩ්ස් මතක් වෙන සයිස් එකට මට මේ බ්ලොගට හිත ගිහින් තිබු‍නේ.. කොහෙද ඉතිං මේ මලිය පැදුරටත් නොකියා මකබෑ උනා නොවැ..
    ඕ..කේ.දැන් නෝ වොරිස්. මලී'ස් බැක්. හැපී බර්ත් ඩේ ඇබ්නෝමල් මයින්ඩ්ස්

    ReplyDelete
  8. නෝමල් වෙන්න එපා , දිගටම ඇබ්නෝමල් විදිහටම ඉන්න ලැබේවා

    ReplyDelete
  9. අඩෝ උඹ මේ කේක් නැතිව උපන්දින සමරන එකට සපුරා විරුද්ධයි මම.
    ජීවිතේ ඉඳලා හිටලා හරි පිපෙන්න අර කිව්වා වගේ බලාපොරොත්තු නොවෙන පුංචි සතුටක් උනත් ඇති තමයි මලියෝ. කාලයක් තිස්සේ මම නම් ඒ වගේ පුංචිම පුංචි දේවල් විතරයි සතුට කියලා දකින්නෙත්. ලොකු දේවල් වලට වඩා ඒ සතුට ඒ මොහොතේදි අපිව ජීවත් කරනවා නේද?

    ඒක නෙමෙයි සෙට් වෙනු පිණිස හෙම ඔයාගේ ලිපියක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    බ්ලොග් එක තවත් කාලයක් ඉස්සරහට යා යුතුමයි කියලායි මම හිතන්නේ...ඒ හින්දා දිගටම ලියන්නත් ඕනෙ...

    ReplyDelete
  10. මේ බ්ලොග් එක ලියන්නෙ නැනෑ දැන් ඔයාල. කතුවරයන් දෙදෙනාම කාරය බහුල වෙලා වගේ... හික් හික්. සුබ පතනවා මොනා උනත්.

    ReplyDelete
  11. සුභම සුභ උපන් දිනයක් ඔන්න!
    ඔව් මලී, සමහර අහඹු සිදුවීම් හරි පුදුම විදියට වෙන්නේ. නමුත් බුරු කිව්වා වගේ ඒ පොඩි අහඹු සිද්දි හරිම රසවත් අත්දැකීමක් :)
    ඔන්න ඉතින් දැන් දිගටම ලියන්න ඕනේ හරිද? දැන් ඉතින් අවුරුදු දෙකේ ලොකු ළමයෙක්නේ. යමක් කමක් තේරෙන වයස.

    ReplyDelete
  12. සිරාවට උඹ නැති බ්ලොග් ලොකේ පරිප්පු නති හෝටලේ වගේ බන් ..

    කම්මැලි නැතුව ලියපාන් . ..

    අහ් බ්ලොග් එකට සුභ උපන්දිනයක් වේවා කිව්වා එහෙනම්

    ReplyDelete
  13. අහ් එල එල...! අවුරුදු දෙකයි මරු නෙව..!! මෙන්න අපෙනුත් සුභ පැතුම්..!!!
    ජයෙන් ජය ම පතනවා මලියෝ..!!!

    ReplyDelete
  14. ඇත්ත‍ නේන්නම්... අවුරුදු දෙකක්! ජීවිතේ එක්ක බලද්දි හරිම සුළු කාලයක් වුණත් ජීවතේ රටා සෑහෙන්න වෙනස් කරන්න මේ බ්ලොග් එක හේතු වුණා නේද?

    සුභ පතනවා සර්වාංගෙන්ම... මොනව හරි ලියන එක අපි වගේ නොලියන එකට වඩා වටිනවා. ඒ නිසා ලියන්න දිගටම...

    ReplyDelete
  15. හප්පොච්චියේ දැනුයි දැක්කේ. මලී නඟා මට වඩා මාසයක් වැඩිමල්නෙ

    ReplyDelete
  16. ඇත්තටම තෝ මටත් වඩා මාසයක් වැඩිමල්නෙ යකෝ.. සතුට කියන්නේ දාර්ශනික සතුටක් නෙමෙයි බං අපි එදිනෙදා ගන්න පොඩි පොඩි දේවල් වුනත් ඇති අපිට මාසයක් හිනාවෙලා සතුටු වෙන්න.. ජය..

    ReplyDelete
  17. සුභ පැතුම් , ජය !!!

    ReplyDelete
  18. සුභ පැතුම් නැගනිය. ඔයාගේ කොන්තිබියුතර්ටත් සුභ පැතුවා කියලා කියන්න. :)

    ReplyDelete
  19. මගෙනුත් උණුසුම් සුබ පැතුම් !!! :D

    ReplyDelete
  20. සුභ පැතුව.. ධෛර්ය දුන්න හැම දෙනාටම බොහෝම ස්තූතියි...!!!! :ඩී

    ReplyDelete
  21. මේ ආගිය කතාන්තර මං දන්නේ දැන් නොවැ. ඔන්න සුබ පැතුං උපන් දිනේට. එහෙනං ආය ස්ටාට් කරමු ඇන්ජිම. ඕං මාත් එල්ලුනා මලීගේ බොලොග් වාහනේ. දුර ගමනක් යං ඔය වේගෙන්ම.

    ReplyDelete
  22. සුභ පැතුම් මලී... දිගින් දිගටම ලියන්න යෝද බල යෝද වීරිය ලැබේවා...

    ReplyDelete
  23. ඕන් මගෙනුත් අම්බානට පරක්කු වෙලා සුභ පැතුම්
    චියර්ස්!!!!!!!!!!!!

    ReplyDelete
  24. මගෙනුත් උණුසුම් සුබ පැතුම් :) :)

    ReplyDelete