Tuesday, June 29, 2010

හදිස්සියෙන් උනත්...

මා පිළිබදව රචිත ඉමහත් විශාල බටර් කන්දරාවෙන් චිත්තප්‍රීතියෙන් පසුව මෙසේ ලියා තබමී....

හික් හික් තාම මගේ යන්තරේ තාම හරි නෑ ඉතිං.. ඒක මං ආයේ හදන්නේ නැහැනේ.. මට එහෙම එකක් තිබ්බද කියලා මං දැන් අමතක කරලා තියෙන්නේ.. මට ජයවේවා..!

ඇත්තටම කියනවා නම් මේ දවස් වල පීටර් නැති උනා කියලා වැඩි අඩුවක් නෑ මොකද ඊට වඩා වටින හා ආතල් බූතයෝ ටිකක් මගේ වටේ කැරකෙනවනේ.. මීට මාස තුනකට කලින් අපේ බුරූ බබී ආවම හා හා පුරා කියලා මුණ ගැහුන යාළුවෝ ටික එහෙමම දාලා රංගි අක්කා ගියාට මොකෝ අපි තාම නැවතුන තැන් වලමයි..ඉතිං උන් ටික නිසයි රස්සාව නිසයි මම හරියට බිසී.. මේ දැනුත් ගෙම්බෝ දෙන්නෙක් අපේ ගෙදරනේ.. මේ ලියන්නෙත් ඒ එකෙක් ගේ අළුත්ම ලැපී ගෙන්.. ඌ ගත්තට මොකෝ මේක නිකං මගේ වගේ තමයි... :පී

ඇත්තම කියනවා නම් මේ දැන් මැරුණත් කමක් නෑ කියල හිතුන තරම් ජීවිතයේ උපරිම තෘප්තියක් දැනුන මොහොතවල් කීපයක් ම ගෙවිල ගියා.. ඒ එක්කම අපේම කියල අපි හිතන මිනිස්සු කීප දෙනෙක් ගැන කලකිරුණු අවස්තාත් නැතුව නැවෙයි.. ඒත් මේ ඒවා ගැන කතා කරන්න වෙලාව නෙවෙයි මන් හිතන්නේ. මොකද ඊට වඩා ගොඩක් වටින මතක ගොඩක් ජීවිතෙට එකතු උනාට පස්සේ මොකවත් අමතක නොකර ගෙන තියා ගන්න එකත් ලොකු ගේමක් දෙන්න වෙන වැඩක් වෙලානේ... ඒ වෙලවට තමයි පීටර් ගේ අගේ තේරෙන්නේ...

දැන් ලිව්වා ඇති .. මට කම්මැලී. අනික ලියවෙන දෙවල් උනත් මෙලෝ රහක් නැ.. මෙච්චරවත් ලියුවෙ බටර් වල බලෙන් හා සබා මැණියන්ගේ බල කිරීම මත.. ලැපී දීම වෙනුවෙන් අගාට ඉස්තූතිය..

දැනට නවතිමි... නමුත් නැවත එමි..

10 comments:

  1. හා දැන් මේක ලියලා තියලා ෂේප් වෙන්නද යන්නේ..! යාළුවෝ සෙට් උනාට කමක් නෑ මේ අසරණ පාඨකයන්ව අමාරුවේ දාන්න එපා මලියෝ..!මලියා බ්ලොගක් ලියලා කියලා හති දාගෙන දුවගෙන ආවා..! ඉක්මනටම පීටර් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  2. මේක ලිවීමේ අරමුණ රංගිට ස්තූති කිරීම විතරක්ද නැත්තං අර අපේ කිරි ටොයියා වගේ පස්ස ගාත් ටික පෙන්නන එකද? ;-)

    ReplyDelete
  3. බලපන්, මෙතනත් මඩ..
    හෙහෙහෙහෙ...
    ඇත්තටම උඹ ගැන කියන්න වචාන නැහැ (බටර් නම් නෙමෙයි ඕන්)
    උඹ වගේ යාලුවෙක් ලබන්න අපි වාසනාවන්තයි..

    ReplyDelete
  4. අප්පා කාලෙකින් නේ ඔයාව දැක්කේ...
    මන් ඔයා ඉන්න phts නම් දැක්කා හී හී හීහී ...:D

    ReplyDelete
  5. අම්මේ මලී නඟා , කාලාන්තරේකට පස්සෙ දැක්කෙ.
    කෝ ඒත් මූණ දාල නැහැනෙ. ආහ් ඔයාට කකුල් 6ක්ම තියෙනවද? මම හිතුවෙ 4යි කියල

    ReplyDelete
  6. රංගී අක්කගේ වචනත් අල්ලගෙන.
    ඒයි ගෙම්බී!

    ReplyDelete
  7. මම සමහර විට අර ලිශාන් කියනවා වගේ හොඳ කියන අවස්ථා අඩුයි.(උඹල හොඳ දේවල් කරන්න එපැයි කියන්න) ඒත් මම බොහොම වෙලාවට මූණටම අනිත් කෙනා ගැන මම හිතන විදිහ ගැන කියන්න පුරුදු උනු කෙනෙක්. ඒක මට අනුව අර මූණට හොඳ කියලා, එක එක්කෙනා ගාව අරහෙමයි මෙහෙමයි කියලා තියෙන පැදුරු ඔක්කොම හෝදනවට වඩා බොහොම වැදගත්.

    මම ඇත්තෙන්ම කිසිම විශේෂ කෙනෙක් නෙමෙයි. මම පොරක් නෙමෙයි. (මට අවුරුදු තිස් පහක් හින්දා ජීවිතෙ මගෙ ආත්දැකීම් එක්ක පොරක් වේගෙන යනවා කියලා මට හිතෙනවා.) ඉතින් ඒක හරහා සමහරවෙලාවට මම හිට්ලර් වගේ වෙන අවස්ථා තියෙනවා මගේ සමීපම අයට. ඔයා උනත් මට සමීප නොවුනා නම් කවදාවත් මම මේ වගේ සටහනක් ලියන එකක් නෑ ඔයා වෙනුවෙන්. මේකේ තියෙන්නේ ආදරය වගේම ඔයා වෙනුවෙන් තියෙන අප්ර මාන ගෞරවය. අර කිව්වා වගේ බටර් නෙමෙයි ග්රී ස් තමයි වැඩිපුරම දැම්මේ.ඔයාට ඕක නොතේරුනාට මේකෙන් මම මුළු සමාජයම ගැන තියෙන කියවීම ලියලා තියෙනවා.
    ඒක නෙමෙයි ආපහු පීටර් බැරි නම් වෙන එකෙක් හරහා හරි බ්ලොග් ලියන්න පටන් ගන්න ඕනේ... මතක තියාගන්න අපේ මේ හිතවත්කම් ඔක්කොම පටන් ගන්නේ එතනින් බව.. උඹලාව නොකියවා ඉන්න ගියොත් උඹලා වෙනස් වෙලා කියලා මට දැනෙන එකක් නෑ. ඒක හින්දා ඔක්කොමලාම ලියන්න ගන්න.

    ReplyDelete
  8. ඇති යන්තං ඔහොම හරි පදයක් දෙකක් ලිව්වා. පීටර් ලෙඩනං ඔය තිවෙන දෙයක් කොලේක ලියං ගොහිං ජාල කඩේකින් වත් යුනිකෝඩ් කරලා තැපැල් කරානම් මොකෝ වෙන්නේ...

    දැන් ජොබ් එකත් ජයටම කරගෙන යන එකේ ලාබෙට කවුරුහරි මස් කරපු පරන පීටරයෙක්ව වත් හොයා ගන්න... අර දිග නමක් තියෙන එක්කෙනා රටලු නේද ඉන්නේ. එහේ නම් පරණ බඩු ගොඩ ගහලා ඇත්තේ... කිව්වොතින් පරණ පීටරයෙක් හොයලා එවාවි... :ඩී

    ReplyDelete
  9. හප්පේ ඇතියන්තන් මේක මතක් වෙලා තියෙනවා !
    පීටර් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  10. පීටරේට මොනා හරි කරමු.. ලියන්න එතකම් මම සප් එක දෙන්නම්...

    ReplyDelete