Thursday, October 15, 2009

පහුගිය ටිකේ ජිවිතේ

ඉතිං ටික කාලෙකට පස්සේ ආයෙමත් ආයුබෝවන් හැමෝටම.. ලිපියක් පලවෙන්නේ සති 2කට පස්සේ උනාට සිංහලෙන් බ්ලොග් ලිපියක් ලියන්නේ මං හිතන්නේ හරියටම මාසෙකට පස්සේ. ලියන එක එපා වෙලාවත් ලියන්න දේවල් නැතුවවත් නෙවෙයි, එත් පහුගිය ටිකේ දවසින් දවස එක එක විදියේ අනං මනං වලට මූණ දෙන්න සිද්ධ උනා.. ඒ අතරෙත් ලියන්න දේවල් නම් තිබුනත් ලොකුම අවුල උනේ මගේ කොම්පීටරේ ලෙඩ උනු එක. ඒක සනීප උනත් යු‍නිකෝඩ් දාන්න ගිහිං මාස ගාණකට ඇති වෙන්න හොද අල පාත්ති ටිකක් තමයි දාගන්න උනේ. ඊයේ රෑ තමයි යන්තං කියවන්න පුළුවන් තත්වෙට යු‍නිකෝඩ් හදාගත්තේ.. මේකයි, අවුල බෙහෙත් කරද්දි පීටර් ට SP3 තමා බොන්න දීලා තියෙන්නේ.. යුනිකෝඩ් කවන්න ගියාම එයා SP3 CD නැතුව බෑ කියලා අඬන්න ගත්තා.. යන්තම් පෙනුනත් අකුරු මාරු වෙලා තමයි කියවුනේ/ලියවුනේ. එහෙම තියෙද්දි තමා කලින් පෝස්ට් එකේ ටොපික් එකත් දැම්මේ. (මං වගේ වැඩකාරයන්ට ඉතිං බොරු බැහැ නේ :p)

ගොඩක් දවසකින් ලිව්වේ නැති හින්දා දැන් ලියන්න ගත්තම නිකං හුරු නැහැ හුරු නැහැ වගේ..ඒ කිව්වේ නිකං සැජ්ජයි සැජ්ජයි වගේ :-[ අනේ මංදා.. මං ඉතිං කෙලින්ම බ්ලොග් එකේ කොටන මනුස්සයා හිංදා වෙන තැනවල ලියලා බ්ලොග් එකේ ලියන වැඩේ පුරුදු නැහැ. මේ ටිකේ ‍මම ඉතිං ගෙදරටම වෙලා තමා ඉන්නේ. ඒ කියන්නේ අපිට වැඩ නෑ ඒ නිසා නිවාඩු.. හරි ශෝක් අප්පා.. දැන් මාසයක් විතර ගෙදර. ගෙදරට වෙලා ඉන්න එක එපා වෙනවා කියලා සමහරු කිව්වට මම නම් ගෙදරට පුදුම විදියට ඇබ්බැහි වෙමින් යනවා වගේ. ‍උදේ නැගිටිනවා.. ක‍ඩේ යනවා ගෙවල් අතුගානවා උයනවා මහනවා බල්ලෝ නාවනවා මාළු ටැංකි අස්කරනවා ගිරව්ට කවනවා හනේ අප්පේ කරන්න වැඩ ඕනි තරම්... පුදුමේ කියන්නේ ඉස්සර මම මේවායින් බාගෙකට වඩා කලේ නාහෙන් අඩ අඩ.. දැන් ඒ කිසිම දෙයක් නැතිව ඉබේම වැඩ කෙරෙනවා.. හරි... පුදුමයි..

ඉතිං එකම විදියට ගෙවෙන දවස් අතරේ ගිය මාසේ 20 වෙනිදා සැහෙන්න වෙනස් උනා.. දන්නවා ඇතිනේ වෙන මොකුත් නෙවෙයි පොත් ප්‍රද්ශණය දවස්නේ.. දැන් ඉතිං අලුත් අවුරුද්ද එනවට වඩා ආසාවෙන්නේ ‍සැප්තැම්බර් වෙනකම් බලං ඉන්නේ .. ඉතිං මෙදාපාරත් ගියා දෙවනි දවස ඉරිදා නිසාමද මංදා මෙදා පාරත් සුපුරුදු විදියට පොත් ගුල්ලෝ ගුල්ලියෝ සහා කාවන්ගෙන් පුරුණු ප්‍රදර්ශණ කුටි අතරින් ගිහිං ගන්න හිතං හිටිය පොත් ටිකක් ගත්තා. මොනා උනත් පොත් ගන්න මම සල්ලි හොයාගත්ත විදියට සල්ලි හොයාගත්තු කවුරුවත් ප්‍රදර්ශණේට ආවේ නැතුව ඇති. මොකෝ මං තරං පිස්සු තද වෙච්ච අය ඉන්න විදියක් නෑ. ඒ කතාව වැඩක් නෑ. විශේෂම දේ තමයි මෙදාපාර ගත්ත 80%ක්ම පොත් ගත්තේ බ්ලොග් ඇතුලේ අය හොදයි කියලා කිව්ව පොත්. කියන්න දුකයි පොත් අරගෙන ඉවර උනාට තව ගන්න පොත් 20ක් ඉතුරුයි :(( කොහොම උනත් මෙදා වසරේ හොදම නවකථාව උනේ සුනේත්‍රා මහත්මියගේ පොදු පුරුෂයා නේ.. පොත 2-3 පාරක් අතට අ‍රගෙනත් තියන්න උනේ මගේ පෞද්ගලික පුරුෂයාගේ හොඳ වැඩි කම හින්දා.. (මීට පස්සේ නම් මම තනියම පොත් ගන්න යන්නේ :p )







ප්‍රදර්ශණේ ඇතුලට යන්න කලින්ම ටවර්හෝල් නාට්‍ය පදනමේ නිර්මාණ වලින් හොද හැටි සප්පායම් උනාට දවල් වෙද්දි කට්ටියටම හොදටම බඩගිනි උනා. ආව වෙලේ ඉදං බඩගීනී ගගා හිටිය ශිවාට මැගී නූඩ්ල්ස් කන එක තත්වෙට මදි කිව්වනේ.. ඉතිං අපේ මෙලෝ රැඩිකල් කමක් නැති ඒත් රැඩිකල් රවී මැතිතුමාගේ මග පෙන්වීම අනූව ‍‍යුනිවර්සිටි එක ළග තියන මොකක්දෝ තරු15 හෝටලේට ගියා. ගමනට සහය බෝ මැතිතුමාගේ ප්‍රාඩෝ රථය 20 කට උනත් එකපාර ගියහැකි :p . (ගන්නවා නම් අන්න වාහන) තරු 15 හෝටලයක් කිව්වම කෑම වල සුපිරි තත්වය ගැන හිතා ගන්න පුළුවන්නේ? අපේ අම්මට නම් ඒ කඩේ කෑම ගොඩක් හොද වෙයි. මොකද එයාට ලුණු කන්න හොද නෑ. ඒ කඩේ කෑම වලත් ලූණුත් නෑ ඇඹුලුත් නෑ සැරත් නෑ.. මාර රහයි.. අන්තිමේ ෆ්‍රයිඩ් රයිස් එක අනුන්ට දීලා වටලප්පමක් කන්න ගත්තා අනේ ඒකේ කූලුත් නෑ :( ඒ අතින් බලද්දි සරස්වතිය කොයි තරම් හොදයිද දෙයියනේ.....!!!!

ඉතිං පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේ වලින් වැදගත් සිදුවීම ඕක විතරයි. පොත් ගොඩකුයි ෆිල්ම් ගොඩකුයිත් බැලුවා. ඒ ගැන පස්සේ හිතුනොත් කියන්නම්. දැනට නවතින්නම්.

ප.ලි - මේ දවස් වල අපි අළුත් කුරුළු ජෝඩුවක් දිහා බලන් ඉන්නවා.. මේ සුභ පැතුම උන් දෙන්නා වෙනුවෙන්.

17 comments:

  1. ඇත්තම කියනවා නම් උඹ නැති උනාම අඩුවක් දැනෙනවා... කම්පියුටරේ හදා ගත්ත එකනම් ලොකු දෙයක්..ඔහොම නිකං ඉන්නේ නැතුව, මොනවා හරි තව ඉගෙන ගනිං.....

    ReplyDelete
  2. හායි. කොහේද හලෝ ගිහින් හිටියේ?

    ReplyDelete
  3. ඇත්තමයි . . මලී නගා නැති බ්ලොග් අවකාශේ . . . පරිප්පු නැති හෝටලේ වගේ . . . හික්ස් . . .

    විහිලු නෙමෙයි . . . බොරුනම් මේ ඔක්කොම බ්ලොග් සගයන්ගෙන් අහන්න . . .

    මොනා උනත් යන්තරේ හදාගෙන ආපහු වැඩට බැස්ස එක නම් හොඳා . . .

    අහ් තව එකක් . . ඔය ගිහින් ගත්තු පොත් වල නම් ලිස්ට් එක දෙන්නකෝ . . .

    යන යකා කොරහත් බිඳගෙන ගියා වගේ ඔය පොත් ප්‍රශර්දනේ බලන්න බැරි උනු මේ අහින්ංසක අපේ හිත් රිදෝගෙනම නිමා වුනු එකේ . .. වෙලාවක් කලාවක් තිබුනු වෙලාවක . . අවස්ථාවක් ලැබුනු වෙලාවක වට්ටම් නැතත් අපිත් ඔය ගත්තයි කිව්ව පොත් වලින් එකක් දෙකක් වත් ගන්න ට්‍රයි කරන්න කියලා ඔය ලිස්ට් එකත් දාන්න නගේ . . . . .

    ReplyDelete
  4. puh puh.... mallee is back....

    umba nethi blog world nikam wine nethi italian restaurent vage thamai maliyo... dukage kathavata onna math 5 k demma...( man parippu kanne ne e hind ameka venas kala vitharai....)


    eka nemei tho koi lokeda inne me kalaye?

    ReplyDelete
  5. XP SP3 වලට වෙනම සිංහල කිට් එකක් තියෙනවනෙ. SP2 KIT එක දාන්න ගියපුවාම තමයි CD ඉල්ලන්නෙ.

    http://locallanguages.lk/sp3_english

    "උදේ නැගිටිනවා.. ක‍ඩේ යනවා ගෙවල් අතුගානවා උයනවා මහනවා බල්ලෝ නාවනවා"

    ඈ බං මලී නඟෝ උඹ උදෙන්ම නැගිටපු ගමන් දත් මැදල මූන හෝදන්නෙවත් නැතුව කඩේ යනවද ? අනික බල්ලො නෑව්වට ඔයා නාලත් නැහැ. ඉතින් මහත් වෙන එක පුදුමයක් නෙවෙයිනෙ.

    මේ ඒක නෙවෙයි පොත් ගන්න ඔයා සල්ලි හොයා ගත්ත අමුතු විදිහ කියලා නැහැනෙ.

    ReplyDelete
  6. mmm apoi umbe oth ekakvath ahapuva vath nemei ne malio... okkoma nikan mongol karana eva neda? hik hik.. maliya thavath mongol unoth monava veida kiyalai man me hithanne...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. උඹ නැතුව අපි හරිම පාලුවෙන් හිටියෙ. Welcome back මලී.

    ReplyDelete
  9. උඩ කමෙන්ට් කරපු යාලුවො කියන කතාවලට මමත් සම්පූර්නයෙන්ම එකගයි.ඈත්තටම පාලු වෙලා වගේ තිබුනේ.ආයෙත් පෑමිනීම ගෑන ගොඩාක් සතුටුයි ඔයා.

    ReplyDelete
  10. අර හෝටලෙන් වැඩියෙන්ම කන්නෙ කැම්පස් එකෙයි ඒ අවට ඉස්කෝල වල කට්ටියයි තමයි. කෑම වල රසින් කන මිනිස්සු ගැන හිතාගන්න පුළුවන්නේ. මෙලෝ රහක් නෑ.

    ReplyDelete
  11. හප්පා.. ඉතිං කට්ටිය හිතන්න එපා බ්ලොග් නැතුව මමත් ‍ෆුල් ජොලියේ හිටියා කියලා. ඒකනේ පුලුවන් උනුගමන් ඕපදූප ටිකක් හරි ලිව්වේ.

    Pissa - ස්තූතියි පිස්සෝ. ඉගන ගන්න නම් ඕනි කියලා හිතෙනවා පිස්සෝ ඒත්...අනේ මන්දා

    5n - හායි හායි...!! හදාගත්ත පැල දාලා කොහේ යන්නද හලෝ ගෙදරමයි හිටියේ.

    duka - මේ ඇත්තමයි.. පරිප්පු වැඩිය කන්න එපා. හික් හික් නම් ලිස්ට් එක මම දාන්නම් වෙනවා. අර දෙයියන්ගේ අඩවිය ගැන තාම ලියන්න බැරි උනා මට. ඒකට ටිකක් කල් දෙන්න. ස්තූතියි හොදේ..

    Anny- කියන්න කවුද ඔබ කියා... වයින්. ඔව් වයින් හොද බීමක්.. ඒ වුනාට කාලෙකින් බිව්වේ නෑ.. දැන් මමත් පරිප්පු කන්නේ නැහැනේ. ඒ නිසා අපි මීට පස්සේ වයින් බොමු. කොයි ලොකේවත් නෑ පෘතුවිය නම් ලෝකෙම තමා හිටියේ.

    ChaNaka- අනේ නෑ.. ඔකෙන් මට දාගන්න දුන්නේ නෑ නෑ මයි..!!!

    ඉතිං මේකයි.. ගෙදර හිටියත් වැඩට ගියත් මූණ හොදන නාන දත්මදින හා අනෙකුත් සියලුම සනීපාරකෂක කටයුතු කොහොමත් කරනවානේ. ඒකයි ලිව්වේ නැත්තේ..

    අනේ ඒ කතාව ලියන එක හරි නෑ හරි නෑ වගේ අයියා. ඒකයි ලිව්වේ නැත්තේ.

    Mondo- පිස්සු.. ඔයා අහලා නැති පොත් මෙතන නෑ.. ඉහික් හික් ඉතිං නෑ... මට මොංගල් නෑ...ලූ හොදේ...

    Tharaka- ස්තූතියි අයියේ.. :D

    SS- නියමායි!!!

    Nu's L- ස්තූතියි...!!! කෝ යාපනේ ෆොටෝ දැම්මේ නැහැ නේ තව ඔයා..

    Anny- බුහාහාහා... ඒක නම් මරු කථාව.. හැබැයි ඉතිං‍ මේක දැකලා යුනි එකේ අය උද්ගෝෂණය කරයිද දන්නේ නැහැ නේ.. :(

    ReplyDelete
  12. මලී අක්කා කාලෙකින් දැක්කෙ නැති උනාම මම හිතුවා කාත් එක්ක හරි පැනලා ගිහින් වත්ද කියලා. :D

    ගෙදර වැඩ පුළුවන් නම් කරන්න ආස හිතෙනව නම් හොඳයිනේ. අද කාලෙ කෙල්ලන්ට බත් එකකට වතුර තියන්න තේරෙන්නෙ නෑනේ.

    ජනේල ගන්නකොට නොමිලේ අල හම්බෙනවා දන්නෙ නැද්ද. මමත් ගෙදර පොඩි අයගෙ වදේට මැෂින් එකට ජනේලයක් දාන්න ගිහින් setup එක මග හිරවෙලා grub එකටත් කෙළ වෙලා මළ මගුලක් වෙන්න ගිහින් xubuntu live CD එකට පිං සිද්ධ වෙන්න යන්තං ආයෙ Ubuntu විතරක් ගොඩ දාගත්තා ඒ ඇති.

    ReplyDelete
  13. Susitha- ආ බොල මල්ලියේ තා හිතුවද මම අශ්ව පැටියෙක් කියලා පැනලා යන්න :පී
    ඒ වුනාට ඒ අයට කට්ලට් හදන්න පුළුවන් ඇති..
    ඔය අන්තිමට තියන බයලා නම් අනේ ඇත්තමයි මම දන්නේ නෑ.

    ReplyDelete
  14. @මලී

    පැටියෙක් නම් බය නැහැ නෙව. නාම්බෙක්(සොරි නෑම්බියක්) හින්දනේ බය. හික්ස්
    නෑ නෑ වෙනද නම් මගේ පෝස්ට් වලට මලී අක්ක සාමාන්‍යයෙන් ප්‍රතිචාර දක්වන හන්දා නැති උනාම තේරුනා මොනව හරි වෙලා කියල.

    ReplyDelete
  15. Ara anonymous comment eka magen... mona hethuvakda danne ne eka ehema unee... ( man hithanne meka kiyavana davase re man party ekak ivara velai meka kiyavala thiyenne)
    ne ne Umba ekka mata wine bonna be... man mage maranaya ekkai ara umbe paudgalica purushaya ekkai wine beela pahuvadata thembili bonava umba ekka... eka hondai neda? onema nam poddak rasa balanna vitharak ara ihatha purushaya ge glass eken denna kiyamu oyata...

    ReplyDelete
  16. සුසිත - පෙනේද මේකගේ කට...!!!!

    බුරු - ‍හුහ්.. මට හිතා ගන්න පුළුවන් කොයි විදියටද ගෙදර ආවේ කියලා අනෝ කමෙන්ට් එකක් දාපු ‍එකෙන්ම :පී හා.. අන්න වැඩේ එහෙම කරන්න.. එයා මට ග්ලාස් එකෙන් හාෆ් ම දෙනවා ෂුවර්. මරණය උනත් ඉල්ලුවොත් නොදී ඉන්න එකක් නෑ.. ඔයත් සුට්ටක් දෙයිනේ.. එතකොට මම සේරටම වඩා බීලා එල!

    ReplyDelete