Monday, September 14, 2009

ළමයා බැක් ය.

ආවා සොයා ආදරේ.... ගීතේ ලියයි බ්ලොග් එකේ...!! ඉහික්...!!!
හායි... හැමෝටම... මම ආවා මගේ දවස් 11 නිවාඩුවෙන් පස්සේ.. ආව වෙලේ ඉදන් මේ වෙනකම් කලේ (උදේ9-1.30 වෙනකම්) සින්ඩිය බලපු එක.. ‍ඔන්න ඉතිං කමෙන්ට් දාන්නවත් බැරි උනා ගොඩකට. මොකෝ වෙලාව මදි.. ආයේ ෆ්‍රී වෙලාවක තමයි කමෙන්ට් කරන්න වෙන්නේ....හ්ම්.. ඉතිං ඉතිං කොහොමද? හානේ.. ටිකක් සුදුත් වෙලා.. ලස්සන වෙලා.. හෙහේ.. මට පිස්සු.. සාමාන්‍යයෙන් ගෑණු ළමයි යාළුවෝ කාලෙකින් මුණගැහුණම එහෙම තමා කථාව පටන් ගන්නේ.. නෑ නෑ මම කියන්නේ නැහැ මම එහෙමයි කියලා.. මොකෝ එහෙම යාළුවෝ මට ඉන්නේ ටිකයි.. බොහෝ වෙලාවට වෙන්නේ... අඩෝ..මචං කාලෙකින් කොහොමද ඉතිං දැන් මොකෝ කරන්නේ.. අ‍ම්මෝ බං උඹ තවත් මහත් වෙලාද බං..!!!

හරි හරි ඒ බයිලා වැඩක් නෑ... අනේ මගේ නිවාඩුව ඉවරයිනේ.. ඒකට මොකෝ මම කියලා මේ සතියත් ආයේ නිවාඩු ඉල්ල ගත්තා... කොහොමද මගේ වැඩ? එහෙම තමා.. අපේ අම්මට සුට්ටක් අසනීප උනානේ.. ඉතිං මගේ නිවාඩුවේ මුල්ම දවස් 3 එ‍යා එක්ක හොස්පිට්ල් එකේ තමා ගත උනේ. දැන් නම් ගෙදර වැඩි අවුලක් නෑ.. එයාට ප්‍රෙෂර් හැදුනනේ.. (මං වගේ දුවෙක් ඉන්නකොට එක අතකට පුදුම වෙන්න දෙයක් නෑ :( ) ඉතිං එයා ළග ඉන්නයි ගෙදර වැඩ බලන්නයි..මගේ දවසෙන් දවල්ට පැය 4ක් ගෙදරයි ඉතිරි වෙලාව හොස්පිටෑල් එකෙයි තමා ගත උනේ.. හැබැයි ඉතිං අම්මට ලොකුම අමාරුවක් තිබ්බේ නැති හින්දා අම්මටයි ම‍ටයි වැකේෂන් වගේ තමා.. අනම් මනං නැතුව හිටිය. ‍මුළු වෙලේම පොතුයි පත්තරයි කියව කියව හිටියා..

ඊට පස්සේ දවස් දෙකක් තුනක් මෙලෝ වැඩක් නැතුව ඔහේ ගෙවලා දැම්මා.. ඒ කියන්නේ උදේට නැගිටිනවා විතරයි මතක.. එයින් පස්සේ එහේ බලලා මෙහේ බලද්දි දවස ගෙවිලා.. ඒක හරියන වැඩක් නෙවෙයිනේ.. ඉතිං ස්වෙච්ඡාවෙන් වත්ත අස්කලා දවසක්.. හෆොයි පහුවදා උදේ නැගිටිද්දි හතර හන්දි රිදෙනවා.. පෙනවනේ මං කොයි තරම් ඇඟහොරෙක් වෙලාද කියලා... ලෙඩ බල බල ඉදලා බැහැනේ.. අපේ ගෙදර වැඩට ඉන්නේ මම විතරනේ.. පහුවදා පටාන් ගත්තා කෑම කාමරේ තීන්ත ගාන්න.. ( ඒ තීන්ත ගෙනත් ගොඩක් කල්! ගාන්න අමතක උනානේ) දවස් 1 යි 1/4 ක්ම ගියා ඒක අස්පස් කරන්නයි තීන්ත ගාන්නයි ඇගේ ගෑවුණු තීන්ත යවන්නයි.. පස්සේ සති 3 කින් අතුගාලා නොතිබුනු මගේ වාස බවන අතුගෑවා.. දැකුලු මල් ගොඩායි....!!!!! මගේ වාස බවනට කාමර 2ක් අයිතියි. දෙකේ බඩු මාරු කලා.. ඉතිං දැන් මං ඉන්නේ අනිත් කාමරේ..

මගේ කොම් පීටරේ ගෙදර ආවා.. උන්න හැටියට මලා මදැයි කිව්වලු.. හදපු එකා ඔෆිස් විතරයි දාලා තියෙන්නේ.. අනික සී එක 4මැට් කරලා දාලා.. හනේ ඩෙක්ස්ටොප් එකේ තිබ්බ මගේ ට්‍රිප් එකක පිංතූර සේරම ‍නෑ.. මගේ ළග කොපී එකකුත් නෑ.. දුකේ බෑ.. දිවි පරදුවට තියලාගත්ත සිංහ කූඩුවේ ෆොටෝ ටිකත් නෑ...!!! හපරාදේ...!!!! වෙලාවට දවසක් මොංගල් වෙලාවක සීඩී එකකට දාලා තිබ්බ සොව්ට්වෙයාර් අස්සෙන් කෝඩෙක් පැක් ‍එක හොයාගෙන ප්ලේයර් එකක් දාගෙන තිබ්බ ෆිල්ම් ටිකක් බැලුවා

The Curious Case of Benjamin Button, The Reader, She's the Man, Machan, Rab ne Bandi Jodi, Dance with Me, Pride and Prejudice, Boys Don't Cry නරක නෑ දවස් දෙකට බලපු ටික.

ඔයිට අමතරව පොත් ටිකක් කියවලා දැම්මා..
හිරු උදාවෙයි, පෙරළු නැවුම් පස, එකෝමත් එක රටක විත්ති, පිං හාමි, නිරුවත් වානරයා, මනුසත් උයන, දෙවියන්ගේ අඩවිය, හිම පියළි, කළු සිවුරුධර භික්ෂුව

ඔහොම තමා දන්නෙම නැතුව දවස් ටික ගෙවිලා ගියේ.. මෙලෝ වැඩක් නෑ හරියට පබා වගේ.. හික් හික්.... අදට බායි.. කියවලා කාලේ නාස්ති වුනා කියලා මට බනින්න එපා. මං ගියා...!!!

19 comments:

  1. අහ් දෙවියන්ගේ අඩවිය බැලුවද . . . එක ගැන වෙනමම බ්ලොග් එකක් ලියන්න බැරිද . . . අනේ කොහොම හරි ලියන්න . . . මගේ ආසම පොතක් . . . මොනා උනත් ඔයා හරි ප්‍රයෝජනවත් විදිහට නිවාඩුව ගෙවල තියෙනව . . . !

    ReplyDelete
  2. ඕක නිවාඩුවක් ද? වැඩට ගියා නම් ඔයිට වඩා රිලැක්ස් නේ ද...? හිකිස්...!

    කොහොමහරි ලස්සන නිවාඩුවක් ගතකරල තියෙනවා

    ReplyDelete
  3. Welcome Back කිව්ව එහෙනම්

    ReplyDelete
  4. අඩේ මරැ නිවාඩුව.. ඒක නෙවෙයි ළමයො අර නැති උනා කියන ටික Recover කර ගන්න එහෙම පොඩි ට්‍රයි එක්ක දුන්නෙ නැද්ද?

    ReplyDelete
  5. ඇඟේ සයිස් එකට කාමර දෙකත් මදි ඇති නේද? :D

    ReplyDelete
  6. සිංහ කූඩුවක් අස්සෙ රිංගුවාය කිවුවෙ?
    කොහෙදිද ? දෙහිවල සත්තු වත්තෙදි නේද ??
    සිංහ කූඩුවෙ ඔත්තු බලල හොරෙන් ෆොටෝත් ගත්තා නේද ?
    කොටින්ට කඩේ යන්න එපා බං :D

    ReplyDelete
  7. anith kamare bathroom ekeda dan inne? :P

    pc eka haduwanam dan net ennath puluwan wei neda?

    ReplyDelete
  8. අපිට මොනාද බං ගෙනාවේ අක්කේ? :P

    ReplyDelete
  9. හැබෑටම ඕක නිවාඩුවක්ද අප්පා
    ඔෆිස් යනවට වඩා වැඩ කරලනේ

    ReplyDelete
  10. film 10ක් විතර බලල පොතුත් 10ක් විතර කියවන්න පුලුවන් නිවාඩුවක් ලැබෙනවනම් කොච්චර හොඳද

    ReplyDelete
  11. Reading blogs from 9 to 1:30 on the first day back at work....!!!!

    I would liek to have a job like yours.

    KK

    ReplyDelete
  12. හලෝ ! ඉතින් කොහොමද සෑප සනීප .
    අපීට මොනවද ගෙනාවේ ?

    ReplyDelete
  13. උඹ නැතුව අපි පාළුවෙන් හිටියේ...

    ReplyDelete
  14. දුකා - ඔය වගේ වැඩ වලට බෑ කියන්න බැහැ නේ.. තව දවස් 2ක් විතර දෙන්න. හැකි ඉක්මනින් ලියනවා.

    ලිෂ්විෂ්- අනේ අම්මපා.. ඇත්ත.. ඒ වුනාට මොනා කරන්නද? ඉතිං ඒවා එහෙම තමයි.

    ඉන්දික - හොද නම් හොදයි ඉතිං..

    තාරක - ටැංකියුඌ.... වේවා....! හිකිස්

    කනී - බුහාහාහා...!! එච්චර වැඩක් මට පුළූවන් නම් හදන්න වෙන එහෙකුට දෙනවාද දරුවෝ....!!!;

    ශාකුන්තල - ෂූ.. හාහා කට කට..!! දෙයියෝ කෝප වෙයි හොදේ..!!!!

    චා - නො නෝ...!! එහේ නෙවෙයි මකා.. ගුරුගේ පාක් එකේ සිංහයා..

    ශිවා - හෆො‍ තොගේ කට..!ෆල යන්න ඉබ්බා..! ‍ඒක නෙවෙයි බං ඒකට එහා පැත්තේ එක.

    බිංතු - ගෙනාවා හොද බිංමලක්!හූ...!!

    ම- නෑ අෆ්පා..!!! නිවාඩු ඔහොම ද?

    චින්තක - මට නම් ලැබුනා.. හැබැයි නින්ද තමා අඩු උනේ.

    කතන්දර කාරයා - ස්වෙඡාවෙන් වැඩ කරන්න කැමති නම් එන්න. මගේ රස්සාව දීලා මං යනවා.ඇත්තයි සත්තයි.

    හායි ප්‍රියා- හොදා හොදා.. ඔයාට ගෙනාවා... ලොකූ... කිතුල්බඩයක්! හික් හික්...

    පිස්සා - ඩොන්ට් වොරි මචෝ.. හියර් අයි ඈම්..!!!

    ReplyDelete
  15. අම්මෝ, මලීගෙ පෝස්ට් එකක් දැක්කත් ඇති ෆුහ්!!
    පට්ට කම්මැලි කමේ හිටියේ පහුගිය දවස් ටිකේ, මොකෝ නෑෂ් කියලා මලී නැහැ මම මොනාහ‍්රි වැඩිපුර "පිස්සුවක් කෙලින්න" ඕනෙ කියලා නෑනෙ හිකිස් :P
    හැබැයි මලී හිතපු නිවාඩුවට වඩා අම්බානක වෙනස් එකක්නෙ ගත කල්ලා තියෙන්නෙ හිහී, අම්මට කොහොමද දැන්? :)
    ඇන්ඩ් මම කියන්න ගිය එක පිස්සා කියලනෙ :D:D

    ReplyDelete
  16. සංතෝශයි...දෑක්කම,,,

    ReplyDelete
  17. hey where the hell u live now? didnt c ya from ages... just assure me u are ok.

    ReplyDelete