Thursday, January 16, 2014
නින්ද ඇති දිනේ...
නින්ද කියන්නේ ජිවත් වෙන හැමෝටම අත්‍යාවශ්‍ය දෙයක් උනාට අපේ එක එක කාලවදි අපි ඒක ලබා ගන්න විදිය වෙනස්.. මම කියන්නේ කාල වෙලාවන් ගැන..
මට මතකයි ඉස්සර මම උදේ හයට නැඟිට්ටා.. රෑ එක දෙක තුන වෙනකම් ඇහරගෙන ඉදලා ආයෙත් පහුවදා උදේ හය වෙනකොට නැඟිටින කාලයක් තිබ්බා..
ඊට පස්සේ රෑ දොලහට විතර නිදාගෙන පාන්දර පහට නැඟිට්ටා..
නයිට් ඩියුටි කරපු කාල වල දවල් දවසම නිදා ගත්තා..
අම්මලා ගෙදර නැති දවස් වලටත් එමමයි..
දැන් මම ගොඩක් දවස් වලට නැඟිටින්නේ පාන්දර හතරහාමාරට.. ඒක ලේසි වැඩක් නෙවෙයි.. එලාර්ම් ම තුනක් තියන්නම ඕනි.. හතරට හතරයි කාලට.. හතරහාමාරට.. ඔය අතරමැද නින්ද අනිවර්යමයි!!! තව ට්‍රැෆික් අඩු වෙයි කියලා හිතෙන සෙනසුරාදා ඉරිදා දවස් වලට විනාඩි පහේ ඉඳන් විනාඩි 15 දක්වා එනර්ජි නින්දක් ගන්න පුළුවන්.. අනිත් දවස් වලට වොශ්රූම් නින්ද තමයි හරියන්නේ..
වොශ්රූම්!
කවුරු උනත් ඒක මුලින්ම හදපු මනුස්සයා දෙවියෙක්ම වෙන්නට ඕනි!
ගොඩක් නිදිමත දවස් වලට විනාඩි දෙක තුනක නින්දක් වොශ්රූම් එක අස්සේ ගන්න පුළුවන්.. පරක්කු නම් කොණ්ඩේ පීරන වැඩක් වොශ්රූම් එකේම කරගන්න පුළුවන්.. ඒ නිසා මගේ කාමරේට වඩා පිරිසිදුවට වොශ්රූම් එක තියාගන්න මම හැමවෙලේම උන්නදුයි.
මම කතා කලේ නින්ද ගැනනේ..
දැන් ඇත්තටම කාලෙකින් හිතේ හැටියට නිදාගන්න ලැබුනෙ නෑ.. කවුරු මොනවා කිව්වත් දවස් ගණන් නින්ද අපේ ජිවිතවලට අත්‍යවශ්‍යයයි කියලා හිතන මනුස්සයෙක් මම.. ඒක අපේ සිරුර යතා තත්වයන් වලට විදියට හදන සල්ලි නොයන බෙහෙතක්!
හැමෝටම ඒ වාසනාව නෑ..
කොටින්ම මට පහුගිය ටිකේ තිබුනෙත් නෑ..
නිවාඩු නෑ.. එක්කෝ නිවාඩු දවසටත් ගෙදර හෝවට වැඩ..
ඒකට උත්තරේ මගේ ඇඟෙන්ම හදාගෙන
හෙම්බිරිශ්ශාවක් එක්ක උණක්..
කොහොමටත් ගොඩක් වෙලාවට හැදෙන දරුණුම අශනීපේ තමයි හෙම්බිරිශ්ශාව!
13 රෑ පාන්දර 2.30ට ඇහැරුනේ උඟුරේ අමාරුවක් එක්ක උණක් දැණුන නිසා හීනෙන්ම පැනඩෝල් දෙකක් බීලා දෝ ගත්තා.. 14 උදේම නැඟිටලා වැඩට ගිහිං පැයක් ගියේ නෑ මට දැනුනා මම හොඳටම අශනීපයි කියලා අත ලඟ දොස්තර ඉන්දැද්දි ආයේ මොනා හිතන්නද බෙහෙයි ගත්තා.. පබ්ලික් හොලිඩේ නිසා දාලා එන්නත් බෑ ස්ටාෆ් නැති නිසා.. බැරි බැරි ගානේ වැඩ ටික කරලා රෑ 9ට විතර ගෙදර ඇවිත් දෝ ගත්තා.. මුළු රෑම.. ඊයේ පෝය නේ ගෙදරත් මම විතරයි හිටියේ දවල් දවසම යකා ගහලා වගේ දොයි..
රෑ අම්මාගේ ඉල්ලීම පිට බෙහෙයි ගන්න ගියත් දොස්තර අංකල් නිවාඩු.. පැනඩෝල් වෙනුවට පැනඩීන් රිපේලේස් කරලා ආයේ රෑ එළි වෙනකල් දොයි..
අද උදේ නැඟිටිද්දිම මට දැනුනා..
දැන් මට හොඳයි!!!!
ඒ උනාට හිත හිත ඉන්නේ නැතුව දැම්මා නිවාඩුවක්!
අද මම ගෙදර.. බැලිනම් අද දානේ දවසක් උදේ වරුවේ එකට උදව් පදව් කලා.. ආයේ නිදාගන්න පුළුවන් වගේ දැනිලා ඇඳට ගියාම බ්ලොග් එක එක්කහ නින්ද මතක් උනා.
මම දන්න කෙනෙක් ඉන්නවා ඉස්සර නොපේ දාගෙන සති ගණන් ශීත නින්ද්‍රාවේ උන්නු.
ඔෆිස් එකෙන් හොයන්න ආවත් වැඩට නොගියපු.. අනේ පව් දැන් එයා වීක්එන්ඩ් එකටත් වැඩ!
හිනා උනාට ඇත්තට නින්ද කියන දේ කොයි තරම් වැදගත් ද?
අපි අපේ දාහක් වැඩකට නැති එක්ස්කියුස් කරගෙන අපිට අවශ්‍යම දේවල් කොයි තරම් පැත්තකට කරලද?
පව් අප්පා අපි!
පිංතූරේ ජාලයෙන්.
Sunday, January 12, 2014
මේ දවස් වල පොත්
ඔය කියවන පොත් වලින් 95%ක් ම සිංහල පරිවර්තන.. මොන හේතුවක් හින්දද මන්දා ඒ පොත් කිවන්න පුරුදු වෙලා.. කාලයක්ම මම ලංකාවේ අය ලියන ස්වතන්ත්‍ර පොත් අරගන්න එක කොහෙත්ම කලේ නෑ.. ඒ උනාට මේ පහුගිය ටිකේ මට තෑගි ලැබුන පොතයි මම ගත්ත පොතයි දෙකම ලංකාවේ අයම ලියපු පොත්.. ඒ දෙකම කියවලා ඉවර වෙද්දි මට ආයෙමත් පොත් ගන්න එක එපා උනා..
මුලින්ම තෑගි ලැබුනේ සැමීගේ කතාව කිසිම හේතුවක් නැතුව ඇත්තට ම ඒක මට අරන් දුන්නේ ඇයි දන්නේ නැහැ.. හැබැයි ඒක ඇත්තට ගත්තොත් පරිවර්තනයක්.. ඒක කොයි විඳියට ෆිල්ම් එකක් කරාද නොදන්න මට හිතෙන විදියට හිතෙන් හොඳට මවන්න පුළුවන් කතාවක්..
ඊළඟට ලැබුනේ මේ සොඳුරු දඩබිමෙහි ඒක නම් අපි දෙන්නම එකතු වෙලා රුපියල් 500ක් ඇතුලේ පොතක් තෝරමු කියලා කොටුවේ ගුණසේන එකෙන් ගත්තේ බොහොම හදිස්සියෙන්.. මංජුල වෙඩිවර්ධන පසු සටහන ලියලා තිබ්බ හින්දා මම නම් හිතුවේ හෙනම සිරා කතාවක් වෙයි කියලා.. මගේ විඳිමේ අවුලක් ඇති කියලා මට තේරුනේ පොත කියවගෙන යද්දියි.. එක්කේ මම සිංහල පොත්.. ටෙලිනාට්‍ය බලලා වැඩියි.. මොකද කතාවේ බොහොම ටිකක් යද්දිම වෙන්නේ මේකයි කියලා හිතාගන්න පුළුවන් ඒක ලියපු කෙනා අයිසිං දාලා දෙන විදිය විතරමයි වෙනස් උනේ...
ඊට පස්සේ මමම ගිහිං අරගත්තා බොරැල්ලේ සදීපා එකේ තට්ටු නැගලා නැගලා කීර්ති වැලිසර ගේ කාලසර්ප. මගේ හඳහන වතාවක් බලපු කෙනෙකුත් ඔය වචනේ කියනවා මටම ඇහිලා තියෙන නිසා අඩුම තරමේ ඒ ගැන වත් ඇති කියලා හිතාගෙන පොත ගත්තා.. ඇත්තටම 2013 සම්මානෙකුත් ලැබිලා තිබ්බ හින්දා බය නැතුව අරං කියෙව්වා...
ආයෙමත් අර මගේ අවුල මගේ ඔළුවට ගැහුවා..
ආයේ මළත් සිංහල නවකතාවක් නම් ගන්නෙම නෑ කියලා හිතුවා පොතේ භාගයක් කියවද්දිම..
නෑ.. නෑ...
මම කියන්නේ නෑ කතාව හෙනම චොර කියලා එහෙම නෙවෙයි..
ඒ උනාට ඒ කතා අස්සේ තියෙන සීඩ් හැම වෙලාවෙම එකයි.. පිටු ගාණ වැඩි කරලා එක එක ෆ්ලේවර් වල අයිසිං දාලා.. එක එක ඩෙකරේෂන්ස් දාලා දුන්නට අන්තිමටම ඉතුරු වෙන්නේ දන්න කියන දෙයක් විතරයි..
මම හරි ආසයි සියක් වසක හුදකලාව.. කිඳුරු අරණ.. එහෙම නැත්තං කැල්විනෝ හරි අයියන්දෙගේ හරි පොත් කියවද්දි මට වෙන්න තියෙන මහන්සියට.. නිකං වචන විතරක් නෙවෙයි.. ඉමැජිනරි ෆිල්ම් එකක්ම අපිට දෙනවා පොතත් එක්කම.. ඒ ෆිල්ම් එක හිතෙන් හදාගත්තේ නැත්තං පොත කියවලා ඉවරයි.. ආ මෙහෙම වෙයි කියලා අපි හිතත්දිම ඊළග පිටුවෙන් අපිව කණපිට හරවනවා.. හුටස්!!
මම බලාපොරොත්තු වෙන පොත් ඒ වගෙයි..
ඔය වගේ මෙලෝ රහක් නැති මූඩ් එකක ඉන්දැද්දි තමයි ඔෆිස් එකේ නංගි කෙනෙක් සෙන්කොට්ටන් ං ගෙනැල්ලා අතටම දුන්නේ.. එහෙන් මෙහෙන් ඒ ගැන හොඳ අහලා තිබුනට එක සැරේ ම අරගෙන කියවන්න හිතුනෙත් නෑ.. ඒ උනාට නිකං ලැබුන අස්සයාගේ දත් බලන්නේ මොකටද හිතලා අරන් කියෙව්වා..
සෑහෙන්න කාලෙකින් රැයක් ඇහැරගෙන නිදිමත අමතක කරලා පොතක් කියෙව්වා මම!
පහුවෙනිදා උදේ මට මාර හැපී.. කතාවක් කියවන ගමන් තාමත් කතාව හින්දා අඬන්න මට පුළුවන් කියලා මට දැනුනා.. මම ඉල්ලන හැම දේම පොත අස්සේ නොතිබ්බත් මොකක්දෝ නොදන්න වචන වලින් විස්තර කරන්න නොදන්න හැඟීමක් හැම වෙලේම සෙන්කොට්ටං ඇතුලේ තිබුනා.. ඒ හැඟීම පොඩිනා ගැනද.. වීරප්පුලි හේනයා ගැනද.. බබාහේනයා ගැනද.. හැමදේම කරබාගෙන කඳුළින් ඉවසපු මල්මා රිදී ගැනද නැත්තං සමස්ථ ජීවීන් ගැනමද කියලා මට තේරුනේ නෑ..
හැබැයි මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ආයෙමත් මොනා හරි දෙයක් ලියලා දානවට වඩා යමක් ගැන ලියා පල කිරීම ගැන මට සතුටු හිතුනා..
ආයෙමත් වතාවක් සිංහල නවකතාවක් සල්ලි දීලා ගන්න මම හිත හදාගත්තා.. ඒ සෙන්කොට්ටං..!
.... කතාවක් නෙවෙයි බොලං ඒක මසුරං මල්ලක් කියලයි
මට නං හිතෙන්නේ
උඩ තියෙන පිංතූර සේරම ගුගල් අරන් දීපුවා හොදේ!
Tuesday, December 31, 2013
2013 - (අග්ගිස්සේ ඉඳගෙන)
තව බොහොම ටික වෙලාවකින් 2013ත් ගෙවිලා යනවා.. සුපුරුදු විදියට කරන රාජකාරී හැම එකක්ම මේ අවුරුද්දට ඉවර කරලා දැන් තියෙන්නේ නාලා කරලා නිදාගන්න විතරයි. ඒත් පුරුද්දට වගේ 2013 ශෝට් නෝට් එකත් දාලාම අන්තර්ජාලයට සමුදුන්නා නම් හොඳයි කියලා හිතුනා.
අවුරුද්ද අන්තිම බ්‍රීෆ් කරන එක ඩයරි ලියන කාලේ ඉදන් මට තිබුනු පුරුද්දක්.. කඩදාසි පිටු වලින් වෙබ් පිටු වලට මාරු උනත් සමහර පුරුදු අමතක කරන්න ටිකක් අමාරුයි. කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේම..
කාලේ කොච්චර ඉක්මනට ගෙවිලා යනවා වගේ දැනෙනවද කියනවා නම් දැන් මේ අවුරුද්දේ මුල දේවල් වත් මතක් කරද්දි මතක් වෙන්නේ නැහැ වගේ ශික්! කම්මැලිකම! මොනා හරි ඔළුව ඇතුලට දාගෙන මතක තියාගන්න එකත් මහම මහ කම්මැලි වැඩක් වෙලා දැන් මට...
හරි ටක් ගාලා මතාආක් කරමු දැන්!
ජනවාරි මාසේ තමයි අපි තංගල්ලේ ගියේ.. එහේ ගිහිං ආවේ ලෙඩකුත් අරගෙන ඒකට පිං සිද්ධ වෙන්න දෙයියනේ කියලා හොඳ නිවාඩුවක් අරන් ගෙදරට වෙලා හිටියා.
ඒ එක්කම මට තිබුනා රෝස වවන පිස්සුවක් පඩියෙන් භාගයක් රෝස ගස් වලටයි පෝර වලටයි බෙහෙත් වලටයි ගියා... හයියෝ සල්ලි.. මැස්සෙක් ඇවිල්ලා වැඩේ එපාම කරන කම් එක මගේ හොබී එක උනා ගොඩක් කල් යනකම්ම..
අප්‍රියෙල් මුල අපි සෙට් එකම ගියා බේකරියේ කට්ටය සෙට් කරපු ඩවුන් ටවුන් පල්ස් බලන්න. ඒක වෙනමම ෆන් එකක්. ඒ මාසෙම ඔෆිස් එකේ ප්‍රමෝශන් එකත් සෙට් වෙලා තිබුන නිසා අවුරුදු තුනක් තිස්සේ කරපු නයිට් ශිෆ්ට් එකට බායි කිව්වා.
ඔය අස්සට කිරි දාන කිරිබත් දාන වගේ එව්වත් සෙට් උනා.
ජූනි මාසේ බදුල්ලේ ගිය වෙලේ දෙයියනේ කියලා බොල්ගොඩ ලී පාලම එහෙම බලා කියාගත්තා.
අගෝස්තු මාසේ හදිස්සියෙන් කොහේ ඉදන්ද ආව හුළඟක් හින්දා අපේ ගෙදර ඉස්තෝප්පුවට ගහකුත් වැටුනානේ. ඒ වෙලාවේ මම හිටියේ ඔෆිස් යන ගමන් බස්එකේ හොඳටම නිදාගෙන.
අපේ අනවසරිය දවසේ තමයි අපේ ඔෆිස් එකේ උන්ටික පළවෙනි පාරට සේරම එක්ක ට්‍රිප් එකක් ගියේ. ඇත්තටම ඒක අන්ඔෆීෂියල් එකක්! ඒත් ඒක අපි හිතුවට වඩා හොඳට උනා.
ඔක්තෝබර් මාසේ අන්තිම මගේ බලුච්චියොන්ට බබලා හම්බුන හින්දා ඒදා ඉඳන් හොඳටම බිසී පිට තමයි ජිවත් වෙන්න උනේ. මේ වෙද්දි එයාලා සේරම එයාලගේ අළුත් ගෙවල් වලට ගිහිං.... දැන් ඉන්න දිහාක පිස්සු නටනට ඇති.
දෙසැම්බරේ මුලම අපේ ඔෆිස් එකේ ඇනුවල් ගෙට් එක තිබුනා.. හප්පා එදා නම් පට්ටම පට පට ෆන් එකක් ගත්තා.. ජිවිතේ මුල්ම වතාවට කඹත් ඇද්දා මම..
ඔය කතා ටික ඇරුනම අළුත් අළුත් කෑම බීම ට්‍රයි කරන එකයි පොත් ෆිල්ම් ගැන හොයන එකයි විතරයි මේ අවුරුද්දට වැඩක් ඇති දේකට උනේ මම හිතන්නේ.
මොන දේ උනත් දැන් 2013 ගෙවිලා යන්න ළඟයි.. අළුත් අවුරුද්දක් ගැන දැන් ඉස්සර තරම් ලොකු ආතල් එකක් දැනෙන්නේ නැහැ මට. අළුත් පංතියට අළුතින් පිටකවර දාගෙන අළුත් දේවල් ඉගන ගන්න යන්න වගේ හැඟීමක් නැහැනේ?
අද ඊයේ කරපු වැඩ ටික කරන්න හෙටත් නැඟිටලා පුරුදු විදියට වැඩට යනවා... එහෙම හිතන එක හෙනම ලේසි උනාට හරිම බෝරින් වගේ.
නෑ.. හෙටින් පටන් ගන්නේ අළුත් අවුරුද්දක්.. අළුත් දවසක්.. ! හැමදාම කරපු වැඩ වලට උනත් අළුත් රටාවක් දාලා පටන් ගන්න මරු දවසක්.. හෙටින් පස්සේ අනිද්දත් එහෙමයි.. හැමදාම එහෙමයි... මොකද හැම අළුත් දේකම හැම පරණ දේකම සැබෑ අර්ථය තියෙන්නේ අපේ හිතේ..
හරියට භාගයක්ම පිරිලා තියෙන වතුර විදුරුවේ කතාව වගේ.!
හෙට වගේම හැමදාකමත්
ඔබට සුභ!
ආදරෙන්
මලී
(2013 අග්ගිස්සේ ඉඳගෙන.)
පිංතූරේ
Thursday, October 24, 2013
විශ්වයේ උපතක්
නිදහසේ වැඩ කරන්න පුළුවන් දවසක් හින්දා හැම ඉරිදකම වැඩ කරන මම මගේ ඩේ ඕෆ් එක සාමාන්‍ය යෙන් ගන්නේ සති මැද දවසක.. අදත් ඒ වගේ දවසක්.. මගේ නිවාඩු දවසක්. කරන්න අමුතු වැඩ මොකුත් නැති ප්ලෑන් නැතුව පටන් ගත්ත අද දවස අපේ ජිවිත වලට ආයෙමත් මතක සටහනක් ඉතිරි කරපු දවසක් වෙයි කියල උදේ අට වෙනකල් නිදා ගනිද්දි මට වැඩිය හිතුනේ නෑ...
අපේ ගෙදර බලු ගෙදරක්! පොඩ්ඩක් විතර එහෙම කිව්වම අවුල් හැඟීමක් ආවත් කරන්න දෙයක් නෑ.. අපේ ගෙදර ඉන්නේ ඩෝග් පීපල්ලා වගේම ගෙදර ඉන්න මිනිස්සු ගාණට වඩා බල්ලෝ ඉන්නවා.. ඒ කියන්නේ මිස්ට බව්වෙක් හා මිසිස් බව්වියෝ තුන් දෙනෙක් ඉන්නවා.. මිස්ට බව්වා කොලින්.. නැත්තං බුකු බුකු.. අයිති අපේ අම්මට.. එයාගේ මමා ඩොගී මිකී එයා මගේ.. එතකොට රෝස් හෙවත් රෝසි අපේ තාත්තාගේ.. ඒ පවුලෙම කරදර වලට වැඩියම මූණ දීලා ඉන්න පොඩ්ඩිත් මගේ.මුලින්ම කුස්සයටම බඩ ගාගෙන ගිහිල්ලා පොඩි කාලේ ළිදේ වැඩිලා.. එතකොට කණ්ඩි වලින් පැනලා.. මාළු ටැංකියේ වතුර බොන්න ගිහින් කණේ වතුර යවාගන්න වැඩ ගොඩක් දේවල් හින්දා රෙකෝඩ් තියන්න පොඩ්ඩිට පුළුවන් වෙච්ච නිසා එයා කාගෙත් අවධානය ඉහලින්ම දිනාගෙන හිටි කෙනෙක්. මේ දවස් වල එයා ප්‍රෙග්නන්ට්.. හරි ආයේ මගේ නිවාඩු දවසට!
උදේ කෑම බීම වලින් පස්සේ පොතකුත් අරන් මම මගේ ඇඳේ හරි බරි ගැහුනා.. සුපුරුදු විදියට බලූලා සෙට් එකත් එයාලා මගේ කාමරේ කැමති කැමති තැන් වල හරි බරි ගැහිලා නින්දට සෙට් උනා.. මම පොත් කියවනවා එයාලා එයාලගේ වැඩ වල.. කොහේදෝ ඉදන් කාමරේට දුවගෙන ආව බුකු බුකු අයියා ඇඳ යට ඉව කලා විතරයි.. මේ ලෝකයේ කෙනෙකුට අහන්න පුළුවන් නැවුම්ම නැවුම් හඬ මගේ ඇඳ යටින් ඇහුනා.. මම දැනගත්තා.. මට දැනුනා.. පොඩ්ඩි පැටව් දානවා.. මගේ ඇඳ යට... මුලින්ම එළියට ආව පැට්ටා මේ ලොකෙට එයාගේ සම්ප්‍රාප්තිය දැනුම් දුන්නා.. ටක් ටක් ගාලා අනිත් බලු සාමාජිකයන්ව එළියට යවලා පොඩ්ඩිට එයාගේ වැඩේ කරගන්න දීලා මම ආයෙත් පොත කියවන්න හිතුවා.. පොතට වඩා ඇඳ යට බිහිවෙන අළුත් ජීවය ගැන හොයන්න මට ආස හිතුනා.. ඇඳේ ඉදගෙනම බෙල්ල විතරක් දාලා හොරෙන් වගේ බලන් හිටියා ම්හ්... මොකුත් නෑ... එක පැටියෙක් විතරද? මට හිතුනා.. නිමේශයකින් ජෙලි ආවරණයක් වගේ බෑග් එකක් ඇතුලේ තව පැට්ටෙක් එළියට ඇවිත්.. පොඩ්ඩි මේ ලෝකේ සිහියක් නැතුව ඒ පැට්ටව පිරිසිදු කරනවා...
මගේ කොඳු ඇට පෙළ කෙලවරින් පටන් ගත්තු හිරියක් මුළු ඇඟ පුරාම දිව්වා.. කණ් දෙකට ලේ පිරෙනවා දැනුනා.. ඇස් තෙත් උනා.. මේ මහා විශ්වයෙන් මගේ කාමරය පිරිලා ගියා .. මම මට පුළුවන් තරම් ලොකු හාදුවකින් ස්භාවධර්මය වැළඳ ගත්තා.. ගොර්කිගේ “මිනිසෙකුගේ උපත“ කියවද්දි දැනුන හැඟීම මගේ මුළු ඇඟටම දැනුනා..
මේ දේවල් මේ තරම් පිළිවෙලට සිද්ද වෙන්නේ කොහොමද? කවුද මේ දේවල් මේ සත්තුන්ට කියල දෙන්නේ.. මම මේක ලියද්දි පොඩ්ඩිගේ පළවෙනි අදියරේ වැඩ නිමයි කුක්කු පැටව් ටිකක් පොඩ්ඩිගේ තුරුල්ලට වෙලා කෙඳිරිලි මුණුමුණුවකින් හොර රහසේ පොඩ්ඩිගේ කිරි බුරුල්ලේ කිරි වලින් බංඩි පුරෝ ගනිමින් ඉන්නවා.. ඒ මිමිණුම අළුත උපන් මිනිස් දරුවන්ගේ කෙඳිරල්ලෙන් වැඩි වෙනසක් නැහැ.. විශ්වයේ භාෂාව කාටත් පොදුයි මට දැනෙනවා..
මගේ හදවත ආයෙමත් ආනන්දයකින් පිරී යනවා.. මට නිදා ගන්න ඇඳක් නැති වෙනවා ටික කාලෙකට.. මගේ කාමරේ කිරි කැටියන්ට දීලා මම කෙරවලේ පොඩි කාමරේට මාරු වෙනවා.. මම කොහෙමද මේ විශ්වයේ කලාව වෙනස් කරන්නේ?

Saturday, October 19, 2013
A+
මා වැනි බිළින්දා
මරුවා යයිද කැන්දා
අනේ ඒ හින්දා
දෙන්න ලේ බිඳු මාමා නැන්දා..
මේ කවිය ස්කෝලේ යන කාලේ ඉදන්ම කට පාඩම් කවියක්.. පොඩි එකෙක් ලේ බිංදුවක් මැද්දේ ඉඳන් කියන මේක ලේ දන් දෙන කඳුවරු ගැන සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි වෙන පෝස්ටර් එකක්.. මමත් ඉස්සර ඉදන්ම ඒ ගැන ආසාවෙන් හිටියේ..
ඒ උනාට ඉතිං අනේ මන්දාවල් ගොඩක් හින්දා දවසින් දවස කල් ගියපු ඒ ආසවත් අද ඉශ්ඨ කරගන්න පුළුවන් උනා...
අපේ ඔෆිස් එකේ මමත් හරියට නොදන්න මිස් කෙනෙක්ගේ මාමා කෙනෙක්ගේ බයි පාස් සර්ජරි එකකට A+ බ්ල්ඩ් පයින්ට් 4ක් හොයනවා කියලා ආරංචියක් ආව හින්දා මුලින්ම ගෙදරත් එක්ක කන්ෆර්ම් කරගත්තා මගේ බ්ලඩ් ගෘප් එකත් A+ කියලා.. එයින් පස්සේ ඉතිං දින වෙලාවල් වෙන් කරගෙන අද දවල්ට හොඳට කාලා එහෙම මම ගියා බ්ලඩ් දෙන්න.. මුල්ම වතාව හින්දා මගෙන් ගනී ද නැද්ද.. අරවද මේවද වගේ ප්‍රශ්ණ නම් හෙන ගොඩක් ඔළුව වටේ කැරකුනා... ප්‍රස්න නම් මොනවද නේ?
ඔන්න ඉතිං අදාලා ඉස්පිරිතාලේ බ්ලඩ් බෑන්ක් එකට ගියාම නර්ස් අක්කා කෙනෙක් පොර්ම් එකක් දුන්නා පුරවන්න... හප්පේ... ඒ ලෙවල් පේපරේ පාරාදයි...! එකත් කොහෙම හරි පුරවලා..බරත් කිරලා.. එයාගේ පොඩි බ්ලඩ් ටෙස්ට් එකකින් පස්සේ මට කිව්වා ඇදේ දොයි ගන්න කියලා.. එතනට ආවා දොස්තර අන්කල් කෙනෙකුත් නර්ස් අක්කයි.. දැන් අත ප්‍රෙශර් කරලා එහෙම දෙන්නත් එකක් හෝ ගාලා හොයනවා... මොනාද? බ්ලඩ් වෙයින්ස්.. මළ සේකර!!! දැන් කොහොමද බ්ලඩ් දෙන්නේ..
බලමු අනිත් අත...
ඒ අත බලන්න ආවේ නර්ස් ආන්ටි කෙනෙක්... එයා අත දැක්ක ගමන් කිව්වේ හරි මේකෙන් පුළුවන්.. දොස්තරටත් අදාලා තැන පෙන්නුවේ එයා.. ඒ කියන්නේ පියෝ එක්ස්පීරියන්ස් නැත්තං වෙන මොකක් හරි.. අපි නම් කතා උනේ.. නර්ස් අක්කා අළුත් හින්දා දන්නේ නෑ.. දොස්තර අංකල්ට ඇස් පෙන්නේ නෑ.. ගානට මිම්මට ඉන්න නර්ස් ඇන්ටි හින්දා වැඩේ ගොඩ ගියා..
ආනේ.... එයා හරී හොඳයි.. මේ පළවෙනි පාරද අරකද මේකද අහලා මට හිතා ගන්නත් කලින් බ්ලඩ් සේරම අරගෙනත් ඉවරයි.. මට කිසි අවුලක් නැති උනත් විනාඩි 5ක් විතර එහෙමම ඉන්නත් කියලා.. අතේ ප්ලාස්ටර් කෑළිත් ගහලා.. විනාඩි තුනෙන් විතරම මම නැගිටලා පුටුවට ගියාම රසම රස කිරි කෝපි එකකුත් දීලා.. බීලා වාඩි වෙලා ඉන්න කියලා එයාලා කිව්වා...
ඔය අතරේ ඩොක්ට අංකල් පොඩි පොතකුත් ලඟටම ගෙනත් දුන්නා.. කිරි කෝපි එක බීලා අපි දෙන්නා ආතල් එකේ ගෙදර ආවා..
අද මට හරි සතුටු දවසක්... උපදුනු දවසේ ඉඳන් අද වෙනකල් කන්න බොන්න දීලා හයියට මාව හදපු අම්මට පිං සිද්ධ වෙන්න තව කෙනෙක් ගේ ජිවිතයකට පොඩ්ඩක් හරි හයියක් වෙන්න මට පුළුවන් උනා නේ.. මගේ අම්මා මං වෙනුවෙන් එයාගේ ඇගේ ලේ කොච්චරක් නම් කිරි කරන්න ඇති ද?
Subscribe to:
Posts (Atom)

.jpg)