ගොඩක් දවසකින් ලිව්වේ නැති හින්දා දැන් ලියන්න ගත්තම නිකං හුරු නැහැ හුරු නැහැ වගේ..ඒ කිව්වේ නිකං සැජ්ජයි සැජ්ජයි වගේ :-[ අනේ මංදා.. මං ඉතිං කෙලින්ම බ්ලොග් එකේ කොටන මනුස්සයා හිංදා වෙන තැනවල ලියලා බ්ලොග් එකේ ලියන වැඩේ පුරුදු නැහැ. මේ ටිකේ මම ඉතිං ගෙදරටම වෙලා තමා ඉන්නේ. ඒ කියන්නේ අපිට වැඩ නෑ ඒ නිසා නිවාඩු.. හරි ශෝක් අප්පා.. දැන් මාසයක් විතර ගෙදර. ගෙදරට වෙලා ඉන්න එක එපා වෙනවා කියලා සමහරු කිව්වට මම නම් ගෙදරට පුදුම විදියට ඇබ්බැහි වෙමින් යනවා වගේ. උදේ නැගිටිනවා.. කඩේ යනවා ගෙවල් අතුගානවා උයනවා මහනවා බල්ලෝ නාවනවා මාළු ටැංකි අස්කරනවා ගිරව්ට කවනවා හනේ අප්පේ කරන්න වැඩ ඕනි තරම්... පුදුමේ කියන්නේ ඉස්සර මම මේවායින් බාගෙකට වඩා කලේ නාහෙන් අඩ අඩ.. දැන් ඒ කිසිම දෙයක් නැතිව ඉබේම වැඩ කෙරෙනවා.. හරි... පුදුමයි..
ඉතිං එකම විදියට ගෙවෙන දවස් අතරේ ගිය මාසේ 20 වෙනිදා සැහෙන්න වෙනස් උනා.. දන්නවා ඇතිනේ වෙන මොකුත් නෙවෙයි පොත් ප්‍රද්ශණය දවස්නේ.. දැන් ඉතිං අලුත් අවුරුද්ද එනවට වඩා ආසාවෙන්නේ සැප්තැම්බර් වෙනකම් බලං ඉන්නේ .. ඉතිං මෙදාපාරත් ගියා දෙවනි දවස ඉරිදා නිසාමද මංදා මෙදා පාරත් සුපුරුදු විදියට පොත් ගුල්ලෝ ගුල්ලියෝ සහා කාවන්ගෙන් පුරුණු ප්‍රදර්ශණ කුටි අතරින් ගිහිං ගන්න හිතං හිටිය පොත් ටිකක් ගත්තා. මොනා උනත් පොත් ගන්න මම සල්ලි හොයාගත්ත විදියට සල්ලි හොයාගත්තු කවුරුවත් ප්‍රදර්ශණේට ආවේ නැතුව ඇති. මොකෝ මං තරං පිස්සු තද වෙච්ච අය ඉන්න විදියක් නෑ. ඒ කතාව වැඩක් නෑ. විශේෂම දේ තමයි මෙදාපාර ගත්ත 80%ක්ම පොත් ගත්තේ බ්ලොග් ඇතුලේ අය හොදයි කියලා කිව්ව පොත්.
කියන්න දුකයි පොත් අරගෙන ඉවර උනාට තව ගන්න පොත් 20ක් ඉතුරුයි :(( කොහොම උනත් මෙදා වසරේ හොදම නවකථාව උනේ සුනේත්‍රා මහත්මියගේ පොදු පුරුෂයා නේ.. පොත 2-3 පාරක් අතට අරගෙනත් තියන්න උනේ මගේ පෞද්ගලික පුරුෂයාගේ හොඳ වැඩි කම හින්දා.. (මීට පස්සේ නම් මම තනියම පොත් ගන්න යන්නේ :p )ප්‍රදර්ශණේ ඇතුලට යන්න කලින්ම ටවර්හෝල් නාට්‍ය පදනමේ නිර්මාණ වලින් හොද හැටි සප්පායම් උනාට
දවල් වෙද්දි කට්ටියටම හොදටම බඩගිනි උනා. ආව වෙලේ ඉදං බඩගීනී ගගා හිටිය ශිවාට මැගී නූඩ්ල්ස් කන එක තත්වෙට මදි කිව්වනේ.. ඉතිං අපේ මෙලෝ රැඩිකල් කමක් නැති ඒත් රැඩිකල් රවී මැතිතුමාගේ මග පෙන්වීම අනූව යුනිවර්සිටි එක ළග තියන මොකක්දෝ තරු15 හෝටලේට ගියා. ගමනට සහය බෝ මැතිතුමාගේ ප්‍රාඩෝ රථය 20 කට උනත් එකපාර ගියහැකි :p . (ගන්නවා නම් අන්න වාහන) තරු 15 හෝටලයක් කිව්වම කෑම වල සුපිරි තත්වය ගැන හිතා ගන්න පුළුවන්නේ? අපේ අම්මට නම් ඒ කඩේ කෑම ගොඩක් හොද වෙයි. මොකද එයාට ලුණු කන්න හොද නෑ. ඒ කඩේ කෑම වලත් ලූණුත් නෑ ඇඹුලුත් නෑ සැරත් නෑ.. මාර රහයි.. අන්තිමේ ෆ්‍රයිඩ් රයිස් එක අනුන්ට දීලා වටලප්පමක් කන්න ගත්තා අනේ ඒකේ කූලුත් නෑ :( ඒ අතින් බලද්දි සරස්වතිය කොයි තරම් හොදයිද දෙයියනේ.....!!!!ඉතිං පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේ වලින් වැදගත් සිදුවීම ඕක විතරයි. පොත් ගොඩකුයි ෆිල්ම් ගොඩකුයිත් බැලුවා. ඒ ගැන පස්සේ හිතුනොත් කියන්නම්. දැනට නවතින්නම්.
ප.ලි - මේ දවස් වල අපි අළුත් කුරුළු ජෝඩුවක් දිහා බලන් ඉන්නවා.. මේ සුභ පැතුම උන් දෙන්නා වෙනුවෙන්.
