Saturday, December 31, 2011

2011 ගෙවෙන්න මොහොතකට පෙර




ගෙවෙන්න මොහොතකට කලින් හරි 2011 ගැන වචනයක් ලියන්න හිතුනා.. කියන්න දෙයක් නැති උනත් පතෝල වගේ හොදත් නැති නරකත් නැති අවුරුද්දක් ගෙවිලා යන එක ගැනත් අමුතුවෙන් ලියන්නත් දෙයක් නෑ.. බුරු කියන්නං සේ එෆ් බී එකේ හැපි නිව් යර් ඕල් කියලා ලියලා ශේප් වෙන්න පුළුවන් උනත්.. මෙච්චර ලොකු නෙට් එක අස්සේ මගේ කියලා තියන ඇබිත්තං ඉඩේ හරි මං කියලා කෙනෙක් 2011 න් 2012 වෙනකං ජිවත් උනා කියලා කවදා හරි කාට හරි හොයා ගන්නවත් මේක ලියන එක හොඳයිනේ?


මේ අවුරුද්දේ මුල කරපුවා දැන් දැන් මතක නෑ වගේ අප්පා... පාරවල් දිගේ දිගම දිග ගමන් යෑමවල් කිපයක්ම සෙට් වෙච්ච එක ඇරුනම මේ අවුරුද්දේ අමුතුවෙන්ම අමුතුවෙන් උන දේවල් නැති තරං.. ඒ වෙනුවෙන් ඇරියස් අල්ලන්යි හිතන් ඉන්නේ ලබන අවුරුද්දේ. ඒක බලමු ඒ අවුරුද්දේ මොකද වෙන්නේ කියලා...

ගත වුනු 364 දවසටම වඩා අද මට සතුටු හිතුනා.. ඒ තමයි මම ආසම සතා වෙච්චි අලියෙකුට කන්න දෙන්න පුළුවන් වෙච්ච එක. ඒක උනේ අළුත්ගම කන්දේ විහාරෙදි.. ගිය අය දන්නවා ඇතිනේ ඒකේ අලියෙක් ඉන්නවා කියලා.. නිකං නෙවෙයි හෙන ආඩම්බර අලියෙක්... පලතුරු එහෙම කන්නේ නැති පට්ට ආඩම්බර අලියෙක්.. වෙනදට මං දෙන දිවුල් ගෙඩියක් වත් ඌ කටේ තියන්නේ නෑ,. ඒ උනාට අද මං දුන්නු තල ගුලි පැකට් එකම මගේ අතෙන්ම අරගෙන එයා කෑවා... එයා දිග හොඩ සීතලට මගේ අතේ ගෑවුන විදිය තාමත් මට දැනෙනවා වගේ.

තල විතරක් නෙවෙයිනේ.. උක් දඩුත් කෑවනේ.. මීට පස්සෙ නම් දේවාලෙට පලතුරු වෙනුවට තල ගෝනියක් අරන් යන්නයි මං කල්පනා කලේ.. කොහොම උනත් අලියෙකුට කන්න දෙන්න ලැබුන එක කොයි තරම් ජොලි වැඩක් ද?

තව මොකද උනේ... වෙච්ච දේවල් මතක නැතත් අන්තිමට මේ අවුරුද්දේ අන්තිම බියර් විදුරවත් මගේ යාළුවෙක් එක්ක ඉවර කරලා මම මේ අවුරුද්දට බ්ලොග් ලිවිල්ලත් නවත්තනවා.. ආයේ හම්බ වෙමු 2012 නොහොත් ඩූම්ස් ඉයර් එකේදි....!

හැමෝටම ආදරෙන්..
මලී