හප්පච්චියේ!!! මේකේ බැදිලා තියෙන මකුළු දැල් ගොඩ...! ඔහොම තමයිනේ ඉතිං පාවිච්චියක් නැති කොට. මං ඉතිං පස්ට බිසී හින්දා මේ පැත්තේ එන්නත් බැරි උනා. බිසී කිව්වට බිසීමත් නෑ මං හිතන්නේ. ඒ උනාට හිතට දැනෙන්නේ හරිම මහන්සි හැඟීම්.. අවුරුද්දෙත් අවසානෙට ටික ටික ලං වෙන හින්දද දන්නෙත් නෑ ඉතිං. සුපුරුදු පරිදි තව දවස් 45කින් විතර මේ 2011 ත් ගෙවිලා යයි. හෙන බයිලා හිතාගෙන ගේමක් දෙන්න අවුරුද්ද මුලදි පටන් ගත්තත් අන්තිම වෙද්දි ඉතිං කොච්චර කරත් එච්චරොම තමයි වගේ තමයිනේ ඉතිං දැනෙන්නේ! ඒකට මොකැයි කරන්නේ? කරන්න දෙයක් නෑ ඉතිං.. එහෙමයි කියලා මේ තරම් නෙගටිව් හිතන්න හොඳත් නෑ. අවුරුද්ද අවසානෙට එන හින්දා නිවාඩු එහෙම අඩු වෙමින් තියන නිසයි ඉතිරි නිවාඩු ගන්ත නිසයි හැමදාම වගේ වැඩට යන එන නිසා විවේකීව ඉන්න බැරි උනා. නිවාඩු තිබුනත් ඒ දවස් වලටත් වැඩ සීයක් විතර පෙළ ගැහෙන නිසා ගන්න නිවාඩු වලින් නම් තබේක වැඩක් නෑ. ඒ විතරක් යෑ... මගේ හැමදාම තිබ්බ කොම් පීටර් කොළුවා වෙනුවට මේ ටිකේ ලැපී නගෙක් සෙට් වෙලානේ. කී බෝඩ් එක හිතේ හැටියට කොටන්න ඉඩ මදි. හැම වෙලාවෙම ටයිප් කරන්නේ එකක් වදින්නේ එකක් නිසා සිංහල ලියවිල්ල නම් එපාම වෙලා හිටියේ. මේ ටික ලියන්නෙත් අත හුරු වෙන්නත් එක්ක. අනිත් වැදගත්ම කාරනේ තමයි නෙට් නැති උනත් කියවන්න ඇති තරම් පොත් ස්ටොක් එකක් තියෙනවානේ. ඉතිං එහෙම වෙලාවට බ්ලොග් නම් මොනාද????
ඉතිං පොත් කියෝගෙන කියෝගෙන යද්දි ආයෙමත් මාව සුනේත්‍රාගේ මායමට අහු උනා. අනේ මන්දා මං ඇන්ඳිලාද කියලත්.එහෙම නැත්නං මං ඕනාවට වඩා සුනේත්‍රාට හුනු ගානවද මන්දා.. ඒකට හරි උත්තරයක් නැතත් දැන් ටික දවසකට කලින් කියවපු කවි කඳුර ආයෙමත් මට මාරම සතුටක් ගෙනාවා. මම හරිම කැමතියි පොතේ ආරම්භයට හා මැද කොටසට.
ආරම්භය මට දුග්ගන්නාරාළගේ වගේ ඉක්මන් ගලායන විදියේ ලියවිල්ලක් තුලින් හදිසි කතාවක් කිව්වා. ඒ කතාවේ අතුරු කතාවක් විදියට “අකලංකාගේ“කොළඹ නුවර“ එහෙමත් නැත්නං පොතේ මැද කොටස මාව අමන්දානන්දයට පත් කලා.. හරියට “සියක් වසක හුදෙකලාව“ එහෙමත් නැත්නං “සිසිරයේ රැයක මඟියෙකු නම් “කියවද්දි වගේ හැබැයි ඒ තරමටම නෙවෙයි. නමුත් කියවීම ඇතුලේ පුද්ගලිකව මට තෘප්තිමත් වෙන්න පුළුවන් උනා. ඒ වගේම පොත පුරා චරිතයෙන් චරිතයට යොදාගෙන තියන බස් වහරේ වෙනස් වීම් නිසා චරිත හැබෑවටම පණ ඇවිත් පොතේ අකුරු උඩින් අපිත් එක්ක කතා කරනවා වගෙයි. ඒ උනාට ඉතිං පොත අවසන් වෙලා තියන විදියට නම් මං වැඩිය කැමති නෑ.. ඒ මුළු කතාවෙම යටි පෙළ සේ දිවෙන දේශපාළන මළ ඉලව්ව හින්දද මන්දා. එහෙම නැත්නං සුනේත්‍රාගේ හැම පොතකම අවසානය වගේ එකම විදියට පොඩ්ඩක් ආසන්නයෙන් ඉන්දියාට හරි නේපාලෙට හරි චිනෙට හරි ගිහින් නතර වෙන හින්දද මන්දා. කොයි හැටි වෙතත් අවසන් කරලා තියෙන රටාවට අකමැති උනත් මම කවි කඳුර පොත කියවන්න ලැබුන එක ගැන සතුටු වෙනවා. බොහොම ඉක්මනට එක දිගට පොතට මාව අලවලා තිබ්බ නිසා මං ආයෙමත් සුනේත්‍රාට ආදරේ කරනවා. ඉතිං ඒ සුනේත්‍රා ගැන අවසන් කරන්න කලින් කවි කඳුර කියවද්දි මට වෙච්චි දේකුත් ලියන්නම්.
මං ඉතිං නයිටක් ගහන දවසක ඔෆිස් එකට ගෙනිහිල්ලත් පොත් කියවනවා. ඒ හැබැයි කියවද්දි නිදිමත හැදෙන්නෙ නෑ කියලා මට හිතෙන එව්වා විතරයි හොදේ.. ඔන්න දැන් මං කරන්න තිබ්බ රාජකාරී එහෙම අහවර කරලා සැදී පැහැදී පොත කියෝගෙන කියෝගෙන යනවා. අපේ ඩිපාමට් එකේම වෙන තැනකට තමයි අපි හැමෝගෙන නයිට් ස්නැක් එක ලැබෙන්නේ. ඔන්න ඉතිං ඒක අරගෙන අතන ගෑණු ළමයෙක් මගේ සීට් එක ලඟටත් ආවා. ඇවිත්
එයා - ආ.. කියවනවා වගේ. මොකක්ද පොත?
මම - මේ ළමයි පොත් ගන්න බුක් ෆෙයා ගිය බව මම දැනගෙන හිටි නිසා මං සිම්ප්ලි කිව්වා “කවි කඳුර“
එයා - මොකක්?
මම - කවි කඳුර සුනේත්‍රාගේ.
එයා - සුනේත්‍රා කියන්නෙ?
මම - ඇයි අනේ සුනේත්‍රා රාජකරුණානායක
එයා - අනේ අහලා නෑ අනේ.
මම - ඇයි අනේ මේ පාර ස්වර්ණපුස්ථක සම්මානේ හම්බුනේ මේකට නේ...
එයා - හා.. ඇත්තද මේ පාර බුක් ෆෙයා නම් ගියා තමා ඒ උනාට දැක්කේ නෑ..
මම - (හිතින්) @$!&$&$*(&*&%!#%&#
එයා - මම යනවා එහෙනම්
මම - හා.
-------- දැන් ඔන්න ඒ සුනේත්‍රා ගැන ඉවරයි----------දැන් බී සුනේත්‍රා-----
-----------පෞද්ගලික හේතුවක් සහ ඉල්ලීමක් මත මෙම කොටස ඉවත් කරන ලදි -------------
මෙය හුදු ආත්ම විවරණයක් මිස නිශ්චිත පුද්ගලෙයෙකු හෝ පිරිසක් වෙනුවෙන් මඩ ගැසීමක් නොවන බව කරුණාවෙන් සළකන්න.
* මේ බ්ලොග් එක ලියපු අනිත් එකා කොහි දැයි කිසිත් නොදනිමි. එක්කෝ හිරේ ගිහිං.. නැත්තං හිරයක් අරගෙන එහෙමත් නැත්තං මැරිලා හෝ ඌ හොඳින් ඇතැයි සිතමි.
pic from Sarasavi.lk