Monday, February 16, 2009

ලස්සනට ඉන්න ඕනේ..!


ගිය සතියේ සදුදා වැඩ අරිලා ගෙදර එද්දි මගේ ලිපිනය ලිව්ව සුදුපාට ලියුම් කවරයක් මේසේ උඩ තිබුනා...පමා වුනු උපන් දින සුභ පැතුමක් වෙන්න පුළුවන් කියලා හිතුවත් ‍ඇතුලේ තිබුනේ ආරාධනා පතක්...උසස් පෙළ පන්තියේ මගේ සහචරයෝ 7 දෙනාගෙන් කෙනෙක් වුනු හෙලන් ගේ විවාහ උත්සවයේ ආරාධනාව..

ඒක දැක්කම ඇති වුනේ පුදුම සතුටක් හේතුව මගේ යාළුවන්ගෙන් ජිවිතේ නරකම විදියට සෙල්ලම් කරපු කෙනා තමා හෙලන් කියන්නේ.. අපේ සෙට් එකේ හිටිය පොඩිම හා මිටිම ඒත් හිනාවෙන් පිරුණුම කෙල්ල තමයි එයා... හෙලන් ඉන්න තැන පාළුවක් නෑ.. මොකද කොයි වෙලෙත් කච කචේ එක්ක හිනා වෙන්න මොනාම හරි කියනවා.. මොකුත්ම නැත්තං නිකං හරි හිනා වෙනවා.. ඒ තරම් පිස්සු හොල්මනක්... ඒ වගේම තමයි තරහා යන එකත්.. හොස්ස ලගින් මැස්ස යන්න බෑ.. ඒත් ඉතිං එයාට තරහා ගියාම අපිට ජොලි මොකද ඇගේ හැටියට නෙවෙයි ගැස්සිල්ල.. ඔරවන්න රවන්න හෙලන් තරම් දකෂ එකෙක් තවත් නැතුව ඇති...අපේ සෙට් ‍එකේ මොන ෆොටෝ එක බැලුවත් හෙලන් තමයි ඉස්සරහින්ම ඉන්නේ.. එයා කවදාවත් කැමරාවෙන් ‍ෆොටෝ ගන්නේ නෑ මොකද එයාට ඒකට ඉන්න බැරි වෙනවා කියලා..ඉතිං නිරා ඔකට කොයි වෙලෙත් බනිනවා.. වැදගත් විදියට ගත්ත එක ෆොටෝ එකක් වත් නෑ.. හැම එකකම ඉස්සරහට වෙලා පිස්සු නටලා කියාලා...ඒත් ඉතිං එහෙම නැතුව වැඩකුත් නෑ වගේ නේ...

හෙලා ගැන කියන්න කථා ගොඩයි.. ඒ වගේම තමයි හෙලන්ට නම් මුත් ගොඩයි, මොන්ටිසෝරි - ඒක දැම්මේ කරන මොන්ගල් වැඩ හින්දමයි, බලු දොස්තර - පාරේ යන බල්ලෙක්ට මොනාද කියලා ඒ නම දැම්මේ.. හැලපී - නමේම හේතුව තියනවානේ..J,Q,K ආසියා - ඒක දැම්මේ කාලයක් ස්කොලේ කාඩ් පැක් එකේ ජුස් බලන්න ගිහින්.එයා ඒක කරන හැටි දැනන් හිටියේ නෑ.. ඉතිං අපි කියලා දුන්නා.. ඒත් ඉතිං පිළිවල මතක නැතුව පිස්සු නටනවා බැරිම තැන සෙල්ලං කරද්දි චක්කරේ වගේ ‍ඕක කියවන්න ගත්තා තාලෙට.. එදා ඉදන් ඔය නම වැටුනා...
දම් පාට කොටු කොටු - ක්‍රිඩා බාර ටිචර්ට හෙලන් තමයි ඔය නම දැම්මේ.. හේතුව අපි ස්කොලෙට අළුත් හින්දා ටීචර්ගේ නම අපි දැනෙගෙන හිටියේ නෑ, ස්පෝට්ස් මීට් දවස් වල හවුස් වල බැජ් නැතුව ඉන්නවා කියලා ග්‍රවුන් එකේදි අපේ පන්තියේ හෙන සෙට් එකක් අල්ලගෙන ‍ටීචර් බැනලා හොද බාසාවෙන්ම.. ඉතිං පන්තියට ඇවිත් කට්ටිය කිව්වා අපිට බැන්නනේ කියලා.. හැබැයි කවුරුත් නම දන්නේ නෑ.. හෙලන් තමයි කිව්වේ දම්පාට කොටු කොටු මිස් කියලා හේතුව ‍එයා ගොඩක් දවස් වලට ඇන්දේ ඒ සාරි එක. ඉතිං එදා ඉදං අර මිස්ව දකින දකින පාරට හෙලන් අර බැන්න එක මතක් කරලා කියනවා අපෝ මට ඔය පැත්තෙන් යන්න බෑ දම් පාට කොටු කොටු ඉන්නවා කියලා.. ඉතිං ඒ නම රෙජිස්ටර් හෙලන්ටම...

කියනවා නම් හෙලන් ගැන කියන්න කතන්දර ගොඩයි.. හේතුව අපිව හැමවෙලේම හිනා ගැස්‍සුවේ එයා නිසා..අපේ හැමෝටම වඩා හයියෙන් හිනා වුනෙත් එයා.. ඇස් වලින් කදුළු පනිනකම්ම හිනා වෙන්න හෙලන්ට පුළුවන්...ඒත් ඒ හිනාව යට ලොකූ දුකක් හංගගෙනයි හෙලන් හැමදාම හිනා වුනේ..හෙලන් කියන්නේ අයියලා තුන් දෙනෙක් ඉන්න පවුලේ ‍බාලයා. එයාගේ දෙවෙනි අයියාගේ විවාහට කලින් දවසේ රෑ බදින්න ඉන්න අක්කගේ ගෙදර ගිහිං එද්දි හදිසි අනතුරකින් ඒ අයියා නැති වෙලා.. ඒ දුකටම මාස තුනක් වත් යන්න කලින් තාත්තා හදිසි හෘදයාබාදයකින් නැති වෙලා...ඉතිං ඒ වෙන්වීම් වල දුකත් එක්ක ආර්ථික ගැටළු හා අම්මා‍ගේ අසනීප ආදී බොහෝ දේවල් නිසා හෙලන් අපි හැමෝටම නොපෙනෙන විදියට දුක් වුනා..ඒත් ඒක යන්තම් වත් අපිට දැනෙන්න කෙල්ල ඉඩ තිබ්බේ නෑ....හෙලන්ගේ ලස්සන හිනාව ඒ හැම දෙයක්ම හරිම ලස්සන විදියට හැංගුවා..!

හ්ම්.. දැන් නම් සටහන දිග වෙනවා.. ලියන්න පටන් ගන්නකොට නම් මේ විදියට නෙවෙයි මේක ලියන්න හිතුවේ.. ඒත් ලිය වුනේ වෙන දෙයක් කමක් නෑ.. අද නිවාඩු දාලා උත්සවේට ගියාට දුක නෑ.. චාම් නමුත් ලස්සන විවාහයක් අද මම දැක්කා.. ගොඩක් සතුටුයි කාලෙකින් මගේ යාළුවෝ ටික මුණ ගැහුන නිසා.. ඒත් 3 දෙනෙක් අඩුයි.. ඩුන්කා,කාම්,මේනා. එයාලා නැති අඩුව දැනුනා.. ඒත් අංජු,නිරා, ගදයා, එක්ක කියවා කියව ඉන්නකොට වෙලාව ගියා දැනුනෙ වත් නෑ..

අන්තිමේ අපි දෙකට විතර හෙලන්ට සුභ පතලා ආපහු ආවා.. අද හෙලන්ගේ හිනාව හැමදාටමත් වඩා ලස්සනයි ද කොහෙද.. කෙල්ලට තෑගි දෙ‍නකොට කිව්වේ. අනේ මචං මේ වෙලාවේ මේවා වටිනවා ‍ඒත් මෙව්වට වඩා උඹලා නිවාඩු දාලා මං වෙනුවෙන් ආව එක මට ඊට වඩා වටිනවා කියලයි.. හෙලන්ගේ මහත්තයත් හෙලන් ළගටම වෙලා ඉදන් හිනා වෙවි හිටියා.අහිංසක පිරිමි ලමයෙක්.!

ඉතිං ‍එන්න කිට්ටුම වෙලා නිරා කිව්ව දෙයක් මට මතක් වෙනවා.. "හෙලන් මේ ... ලස්සනට ඉන්න ඕනේ"

ඉතිං ම‍චෝ හෙලන් මටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි... ඉස්සර වගේම හිනා වෙලා "ලස්සනට ඉන්න ඕනේ.." මේ ජිවිත ග‍මන උඹට ඊයෙට වඩා අද හෙට ලස්සන වෙන්න ඕනේ..!

4 comments:

  1. මලී නංගිත් අනාගතේදි -ඔන්න මාත් බැන්ද- කියල සටහනක් දාන දවසට ඊට කලින් දවසෙ ඔයාගෙම මගුල් ගෙදර බීපුවට සූර් වෙල හරේ අර එයාගෙ යාළුවට කව්ව වගේ "නංගියේ එහෙනම් දැන් ආතල් එකේ ඇදගෙන පළයන් උඹට දෙවි පිහිටයි...සම්පත් ලියයි " කියල දායි නේ....lolllllzzzz

    ReplyDelete
  2. මාර කතාවක් මටත් අපේ එකෙක්ව මතක් වුනා... මම හිතන්නේ වැඩිපුරම හිනාවෙන්නේ හුඟක් අඬන්න ඕනි එවුන්ද කොහෙද.. අන්තිමට අවසානය හොඳ වුනාට මොකද්ද මන්දා හිතට හරි නැති ගතියක් ඉතුරුවෙලා තියෙනව... නියමයි... සපිරිස්ති....

    ReplyDelete
  3. මාත් ඔයාගේ යාලුවට සුබ පතනවා ! , ඉක්මනටම දරු සුරතල් බලන්න හෑකිවෙන්න කියලා.... , ඔව් හෑමදාම ලස්සනට ජිවිතය සකස් කරගත්තොතින් , හෑමදාමත් ජිවිතය සුන්දර වේවි...

    හොදයී නේ , ඔයාලෑ කට්ටියට පටබෑදුනු නම් ඔක්කොම වගේ වෑදගත් නම්. හප්පා අපේ කට්ටියට දාපු නම් එහෙම දෑනගත්තාත් ඔයා දුවයී...

    හරි ඉතින් දෑන් අපි ඔයාගේ වෙඩින් එකට එන්න ඔනි කවදද ?

    ReplyDelete
  4. H - ඔව් අප්පා.. පව් අහිංසක කෙල්ලෝ..!

    හමා- අහ්ම්ම්.. තාම ම‍ට තාම සෙනසුරු අපලේ ලබලා නෑ.. හික් හික්

    ආගා - හ්ම් එහෙම වෙන්න පුළුවන් මං හිතන්නෙත්‍‍‍..‍අනේ මොකක්ද මේ සපිරිස්ති කියන්නේ????????

    ප්‍රියා - හපොයි මල්ලයේ එතකොට අපි නැන්දලා වෙනවනේ.. නෑ නෑ.. දැම්ම බබ්බු ඕනි නෑ එයාලට බුහාහාහාහා!
    අපි ඉතිං වැදගත් ළමයි නේ.. වැදගත් නම් තමයි දාන්නේ... ඉහික්!

    මගේ නේ.....බලමු මං තව අවුරුදු තුන හතරකින් කියන්නම්කෝ අම්මගෙනුත් අහලා..

    ReplyDelete